-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගිගාබයිට් 400ක අතිවිශාල රක්ෂණ දත්ත තොගයක් විකිලීක්ස් සමාගම විසින් අන්තර්ජාලයට එක් කර ඇත.  එය බාගත කරගන්නා ආකාරය විකිලීක්ස් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල දැක්වෙන අතර රහස් කේතයක් යෙදීමෙන් තොරව එම පරිඝනක ෆයිල විවෘත කළ නොහැකි බව පැවසේ.

ෆයිලයන්  විවෘත කිරීම සඳහා අවශ්‍ය රහස් කේතය විකිලීක්ස් සමාගම විසින් පසුව ලබාදෙනු ඇතැයි වාර්තා වේ.  මෙබඳු ක‍්‍රියාමාර්ග තම රහසිගත ලේඛන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විකිලීක්ස් හට නුපුරුදු නැති නමුත් දත්තවල විශාලත්වය සමග මේ රක්ෂණ දත්ත කුමක්දැයි දැඩි කතාබහක් ඇතිවී තිබේ.

සමහරක් පවසන්නේ මෙය විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් හෝ හිටපු ඇමරිකානු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන්ගේ විය හැකි බවයි.  ඔවුන්ට කුමක් හෝ සිදුවුවහොත් එවිට රහස් කේතයන් මුදාහරිනු ඇතැයිද මත පළවී තිබේ.

හිටපු චරපුරුෂ නිලධාරියාගේ හෙළිදරව්කිරීම් සඳහා විකිලීක්ස් සහය දැක්වූ අතර දැනට සිදුකරනු ලැබූ හෙළිදරව්කිරීම් ආරම්භය පමණකැයිද ඔවුන් ඉගිකර තිබේ.
නමුත් රුසියාව පවසන්නේ තමන් ප‍්‍රදානය කළ තාවකාලික සරණාගතභාවයේ එක් කොන්දේසියක් ලෙස ස්නොව්ඩන් විසින් තවත් අනාවරණයන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week