-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලාංකික 42 හැවිරිදි ගෘහ සේවිකාවක් සවුදි අරාබියේ දී හාම්පුතුන්ගේ අමානුෂික වධහිංසාවලට ලක් කර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පවා නොදන්වා හොර රහසේ එම හාම්පුතුන් විසින්ම ශ්‍රී ලංකාවට එවනු ලැබ ඇත.
කටුනායක ගුවන්තොටුපොළට එවා තිබූ ඇය ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ කාර්යාංශ නිලධාරීන් විසින් මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබූ බවත් ඇයගේ තත්ත්වය බරපතළ බවත් කාර්යාංශය පවසයි.
ගෘහ සේවිකාවගේ දිග කොණ්ඩය එම නිවසේ කුඩා දරුවෙකුගේ කරාබුවක පැටලීම හේතුවෙන් ඇයට පහර දී ඇති බවත් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටි ඇය හාම්පුතුන් විසින්ම ගෙනැවිත් ගුවන් යානයට නංවා ඇති බවත් මේ වනවිට හෙළිවී ඇතැයි කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවැසීය.
තුවාලකාරිය ගල්ගමුවේ පදිංචිකාරියක වන අතර ඇය මීට වසර 1 1/2කට පෙර නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි වී රැුකියාවට ගිය තැනැත්තියකි. සෞදි අරාබියේ නීතිය අනුව එරටින් පිටවීමේ අවසර පත‍්‍රය ලබාගත හැක්කේ පිටවන්නාට කිසිදු ප‍්‍රශ්නයක් එරට තුළ නොමැති බවට අස්සන් කිරීමෙන් පමණක් බවත් එසේ තිබියදී මෙම කාන්තාව හොර රහසේ රටින් පිට කිරීමට හාම්පුතුන් යම් වංචාසහගත ක‍්‍රමයක් අනුගමනය කළේ ද යන්න සොයා බැලීම සඳහා තානාපති අංශ සමග පරීක්ෂණ අරඹන බවත් රන්දෙණිය මහතා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos