-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගූගල් සමාගමේ නිර්මාණයක් වූ හිසෙහි පැළඳිය හැකි ග්ලාස් පරිඝනකය වෙත එහි නිර්මාණකරුවන් ලබාදුන් හැඩහුරුකමට වඩා වෙනස් රුවක් ලබාදීමට ලැම්බ්ඩා ලැබ්ස් මෘදුකාංග නිෂ්පාදකයන් විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ගූගල් සමාගම විසින් හැසිරවිය නොහැකි නව මෙහෙයුම් පද්ධතියක් ඔවුන් විසින් ගොඩනගා ඇති අතර එමගින් ග්ලාස් පරිඝනකයේ ඉදිරිපසට යොමුව ඇති කැමරාව මගින් මුහුණු හඳුනාගැනීමේ හැකියාව ඒ වෙත ලබාදී තිබේ.
මේ වන විටත් එහි අඩංගු කැමරාව මගින් පුද්ගලිකත්වය අභියෝගයට ලක්විය හැකියයි ගූගල් වෙත නීති උපදේශකයන් විසින් සිදුකළ අනතුරු හැගවීම ග්ලාස්හි වෙළඳපොළ ආගමනය පමා කර ඇති අතර ලැම්බ්ඩා ලැබ්ස් මෘදුකාංගය නිෂ්පාදනය කර ඇත්තේ එය පවා නොසලකමින් වීම විශේෂත්වයකි.
ඒ වෙත ප‍්‍රතිචාර දක්වමින් ගූගල් සමාගම එය තහනම් කිරීම සඳහා රෙගුලාසි පණවා ඇති නමුත් අනවසර මෘදුකාංග නිෂ්පාදක සමාගමේ ප‍්‍රධානි ස්ටීවන් බලබාන් පවසන්නේ මුහුණු හඳුනාගැනීම මෙම පරිඝනකයේ නෛසර්ගික ගුණයක් වන බැවින් තම මෘදුකාංගය වෙත ඉඩ සැලසීම හෝ ඒ හා සමාන වූවක් නිර්මාණය කිරීමට ගූගල් හට සිදුවනු ඇති බවයි.
කෙසේවෙතත් තම දෘඩාංගය වෙත අනවසර මෘදුකාංගය පරිහරණය කිරීම වැළැක්වීමට ගූගල් හට හැකිවේද යන්න සැකසහිත අතර ඇපල් සමාගමට අයත් නොවන මෘදුකාංගයන් භාවිතා කරන උපාංගයන් අකර්මණ්‍ය කිරීම සඳහා ඇපල් සමාගම විසින් සාමාන්‍යයෙන් යොදාගන්නා මෘදුකාංග යාවත්කාලීන කිරීම් උපක‍්‍රමය ග්ලාස් පරිඝනකයේ නිෂ්පාදකයන් වෙත පිහිටට එනු ඇතැයි ගාඩියන් පුවත්පතේ අදහස වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos