ජංගම ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට.
ජංගම ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සහ එහි සේවය කළ තරුණියන් සිව්දෙනෙකු කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාලයක් තිස්සේ වෑන් රථයක් යොදාගනිමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට මෙම ජංගම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.