-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිලන්ත මදුරාවල

මෙවර උසස්‌ පෙළ විභාගයේ සිට විභාග නීතිරීති මෙන්ම විභාග සංවිධාන ක්‍රියාවලිය ද දැඩි කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව විභාග කටයුතුවලදී මෙතෙක්‌ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට නොතිබූ බලතල මෙවර සිට ඔවුන්ට පැවරෙන අතර විභාග ශාලා, සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන අධීක්‍ෂණය මෙන්ම විභාග අක්‍රමිකතාවන්හිදී මැදිහත්වීමට ද බලතල හිමි වේ. මෙතෙක්‌ මෙවැනි කටයුතු වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ක්‍රියා කළේ විභාග භාර අධ්‍යක්‍ෂවරුය. විභාග භාර අධ්‍යක්‍ෂවරුන් තිස්‌තුන් දෙනකු දිවයින පුරා සිටින අතර සියයක්‌ පමණ වන කලාප අධ්‍යක්‍ෂවරුන් ද එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමෙන් විභාග අතිශයින් සාර්ථකව පවත්වා ගැනීම දෙපාර්තමේන්තුවේ අරමුණ වෙයි.

විභාගවලට අදාළව දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රධාන උපදෙස්‌ රැස්‌වීම් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් නොකැඳවූ නමුත් මෙවර සිට එම උපදෙස්‌ රැස්‌වීම් සඳහා ඔවුන් ද කැඳවනු ලැබේ. ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ හා විභාග භාර අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස මැදදී දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන එම රැස්‌වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් ද සහභාගි කර ගැනේ.

මීට අමතරව දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ ද දැඩි නීති ක්‍රියාත්මක කිරීමට විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පියවර ගෙන ඇත.

දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඇති ආරක්‍ෂිත සී. සී. ටී. වී. කැමරා අනූවම සක්‍රීය කර තිබෙන අතර ඉන් වැඩි ප්‍රමාණයක්‌ රහස්‍ය අංශවලට යොදා තිබේ. එමගින් වීඩියෝ කෙරෙන දර්ශන මාස හතරක කාලයක්‌ ස්‌වයංක්‍රීයව ආරක්‍ෂා වෙයි.

මීට අමතරව දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශවල සේවය කරන්නන් එම අංශවලට ඇතුළුවීමේදී හා පිටවීමේදී පොලිසිය යොදවා දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්‌ කෙරේ. රහස්‍ය මුද්‍රණාල කාර්ය මණ්‌ඩලය සඳහා නිල ඇඳුමක්‌ ද හඳුන්වා දී ඇත.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියෙන් පසුව විභාග නීතිරීති හා සංවිධාන ක්‍රියාවලිය දැඩි කිරීමට මෙම තීරණ ගත් අතර ඒවා අකුරටම ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සඳහන් කළේය.

විභාග ප්‍රශ්න පත්‍ර සකස්‌ කරන ආචාර්ය මහාචාර්යවරුන් විභාග සම්මන්ත්‍රණ හා විවිධ උපකාරක කටයුතුවලට සහභාගි වන බවට ඇතැම් පුද්ගලයන් ප්‍රචාරය කරන බව ද ප්‍රශ්න පත්‍ර සකසන කිසිදු තැනැත්තකු එවැනි කටයුතුවලට සම්බන්ධ නොවන බව ද කී කොමසාරිස්‌ ජනරාල්වරයා එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඉල්ලීමක්‌ කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week