-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා.
පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම  නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.
දෙරණ 360 වැඩසටහන් මාලාවේ පසුගියදා විකාශය වූ වැඩසටහන නිසා ඔබට යම් තර්ජන එල්ල වී ඇති බව ආරංචියි.
ඔව්, ඒක ඇත්ත.
ඔබට එල්ල වූ එම මරණීය තර්ජනවලට එරෙහිව නීතිමය පියවරක් ගත්තාද…?
දැනට ඒ ගැන නීතිමය පියවර රැගෙන තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්න බැහැ.
අදාළ වැඩසටහනට සහභාගි වූ ස්වාමීන් වහන්සේට එල්ල වී ඇති නීතිමය චෝදනා ගැන ඔබ විසින් විමසීම මීට හේතුව වුණ බවයි ආරංචි මාර්ග පවසන්නේ…?
උන්වහන්සේට එල්ල වී තිබුණු චෝදනා පිළිබඳ ලිඛිත සාක්ෂි සහිතව මා ඇසුවා. උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නා.
මේ තර්ජන එල්ල වුණේ වැඩසටහන විකාශය වූවාටත් පසුව.
මේ තර්ජන උන්වහන්සේගේ පාර්ශ්වයෙන් එල්ල වූ බවට ඔබ සැක කරනවද…?
ඒකට නිවැරදි පිළිතුරක් දෙන්න අමාරුයි. සමහරු මේ වගේ අවස්ථාවලදී බොරදියේ මාළු බානවා. මේක ඒ විදියේ තුන්වැනි පාර්ශ්වයකින් සිදුවූවක්ද කියා මා දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් අදාළ තර්ජනයන් කරන පිරිසට එරෙහිව මේ දිනවල නීතිමය කටයුතු සිදුවනවා. ඒ නිසා ඔය කරුණු ගැන සෘජු පැහැදිලි කිරීම් කරන්න අපහසුයි.
දෙරණ 360 නිසා මින් පෙරත් ඔබට නීතිය අබියසට යන්න සිදුවූ අවස්ථා තිබෙනවාද…?
‘දෙරණ 360’ පටන් ගත්තේ 2007දී. මේ වනවිට මේ සිදුවීම ඇතුළුව අවස්ථා තුනකදී ඔය වගේ පසුබිමක් උදාවී තිබෙනවා.
මොනවද අනෙක් අවස්ථා දෙක…?
එක්තරා දේශපාලනඥයෙකු සම්බන්ධ වැඩසටහනකින් පසුවත් මට මෙවැනි තර්ජන ආවා. එතැනදී නම් එල්ල වුණේ මරණීය තර්ජන නමෛයි. මගෙ චරිතය ඝාතනනය වන විදියේ මඩ ප්‍රචාර යවන බවටයි තර්ජන ආවේ. එතැනදීත් නීතියේ පිහිට පතන්න වුණා. තවත් අවස්ථාවකදී වැඩසටහනට පැමිණි ආරාධිතයකු වෙනත් පුද්ගලයෙකුට එරෙහිව නම් ගම් සහිත ප්‍රකාශයක් කළා. ඒ නිසා එම පුද්ගලයා වැඩසටහනටයි, අදාළ ආරාධිතයටයි එරෙහිව නඩුමගට ගියා. මේ වනවිටත් එම නඩුව උසාවියේ පවතිනවා.
ප්‍රති පාර්ශ්වය අපහසුතාවයට පත්වන විදියේ ප්‍රශ්න ඔබ අසනවා. එම සජීවී වැඩසටහනේදී එම පාර්ශ්වයෙන් ඔබ අපහසුතාවට පත්කළ අවස්ථා නැද්ද…?
ප්‍රතිපත්තියක් විදියට මම වැඩසටහනට එන ආරාධිතයා සමග කතා කරන්නේ වැඩසටහන තුළදී විතරයි. වේශ නිරූපණය අතරවත් කතා කරන්නෙ නැහැ. වැඩසටහන අතර විරාමයක් එළැඹෙන අවස්ථාවලදීත් මම ඒ පුද්ගලයාගේ මුහුණවත් බලන්නෙ නැහැ. ඒ නිසා මාව අපහසුතාවයට පත්කරන්න අසීරුයි. ඒත් ‘දෙරණ 360’ට ආ සමහර අය විරාමය අතරදී ‘බලමු හෙට දිල්කාට මොකද වෙන්නෙ’ කියමින් මාව අපහසුතාවයට පත්කරන්න උත්සාහ කළ අවස්ථා තියෙනවා. ඒත් මා එම අවස්ථාවල ඒවාට උත්තර දෙන්නවත් ඒ තැනැත්තාගේ මුහුණ බලන්නවත් යන්නෙ නැහැ.
දෙරණ 360’ සජීවී සංවාදය අතර ඔබගේ මතකයේ රැඳුණු සිදුවීම් මොනවාද…?
දෙරණ 360දී අපි දේශපාලනය පසුබිම වගේම ඒ අයගේ පුද්ගලික තොරතුරුත් අහනවා. එක්තරා වැඩසටහනකට ප්‍රබල අමාත්‍යවරියක් පැමිණියා. එදා මම ඇගෙන් ඇහුවා “ඔබ හොඳ අම්මා කෙනෙක්ද?” කියලා. ඒ වෙලාවේ ඇය දීපු පිළිතුර වුණේ… “මම මගේ කිරි කාණුවකට හලලා දේශපාලන කටයුතුවල යෙදිල තියෙනවා. ඇත්තටම මගෙ දරුවන්ට හොඳ මවක් වෙන්න මට බැරිවුණා” කියන එක. එහෙම කියලා ඇය කඳුළු සැලුවා. ඇගේ කඳුළු කැමරාවෙන් වසන් කළ නිසා ජනතාව දැක්කෙ නැහැ. හැබැයි මම සජීවීව දැක්කා. තවත් අවස්ථාවක එක් තරුණ අවිවාහක දේශපාලනඥයෙක් වැඩසටහනට ආවා. “ඔබතුමා විවාහවෙන්න අදහසක් නැද්ද…?” කියලා මම ඔහුගෙන් ඇහුවා. “මගෙ නම් අදහසක් තියෙනවා. දිල්කාගේ අදහස කොහොමද…?” කියලා ඔහු මගෙන් ඇහුවා. ඒ වෙද්දී මම අවිවාහකයි. ක්ෂණිකව අහපු දෙයින් මම අපහසුතාවයට පත්වුණත් ඒක ඇඟෙව්වේ නැහැ. “මම මගෙ විවාහය ගැන අදහස් කරගෙන ඉන්නේ. මම ඇහුවේ ඔබතුමා ඔබතුමාගෙ විවාහය ගැන දරන අදහස” කියල මම උත්තර දුන්නා.
දිල්කාගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්…?
මගෙ සැමියා දුලාන් චන්දන අසේල. ඔහු මගෙ කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. දෙන්නම කාර්යබහුලයි. අපි දෙන්නම සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෝ. ඒ නිසා විවේකී දිනවල යාල වැනි ස්ථාන කරා යාම තමයි අපි කරන්නේ.
ඔබ අර ඇමැතිනියගෙන් ඇසූ ප්‍රශ්නය දවසක ඔබගෙනුත් අහන්න මටත් සිදුවේවිද…?
(හිනැහී) මගේ අම්මා (විමලින්ද්‍රා කුමාරි) වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා නිළියක්. මා ඉපැදුණු පසු ඇය ඒ සියල්ලෙන් ඉවත්වුණා. මටත් දරුවකු හිටිය කාලෙක මම මුල්තැන දෙන්නේ ගෘහ ජීවිතයට. එදාට මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත්වීමට සිදුවුණොත් මා ඊට සූදානම්.
- ආරියවංශ කුලතිලක / lakbima

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week