මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඖෂධයක් ලෙස මුත‍්‍රා පානය කලේ යයි පැතිරී යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දක්වයි.
ඔහු පවසන්නේ මේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.
‘විරුද්ධවාදීන් මං ගැන නොයෙක් බොරු කතා හදල පතුරුවනවා. ඒ ගැන මම තරහ ගන්නෙ නෑ.
කවුරු හරි මං ගැන එවැනි බොරු කතාවක් ගොතල යම් වින්දනයක් ලබනව නම් බෞද්ධයෙක් විදිහට මම සතුටු වෙනවා. ඒක මට පිනක්.
මම මොකටද ඖෂධයක් විදහට මුත‍්‍රා පානය කරන්නෙ. මේ කතාව සම්පූරණයෙන්ම අසත්‍යයක්’ යයිද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.