-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් කෝටි 42,900 ක් වියදම් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රෝල්ස් රොයිස් ගුවන් යානා ඇන්ජින් 10 ක් සහ ගුවන් යානා මිලදී ගැනීම සඳහා ආණ්ඩුව අඩුම තරමින් කැබිනට් අනුමැතියවත් ගත්තේ දැයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රශ්න කරයි.

මෙම ගනුදෙනු සඳහා ආණ්ඩුව කැබිනට් මණ්ඩලයෙන් මේ වන තුරු කිසිදු අනුමැතියක් ගෙන නැති බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එවැනි නිල අනුමැතියක් ගෙන තිබෙන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහාම රටට හෙළි කළ යුතු යැයි අවධාරණය කර සිටී.

එංගලන්ත සමාගමෙන් රෝල්ස් රොයිස් ගුවන් යානා ඇන්ජින් සහ ගුවන් යානා මිලදී ගන්නේ ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සමාගමේ අවශ්‍යතාවක් වෙනුවෙන් නොව මහ බි‍්‍රතාන්‍යය සතුටු කර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි කරවා ගැනීමේ අරමුණින් බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ගුවන් යානා ඇන්ජින් සහ ගුවන් යානා මිලදී ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු ආකාරයක ටෙන්ඩර් කැඳවීමක් ද කර නැතැයි සඳහන් කළේය.

කොමිස් කුට්ටි වෙනුවෙන් කරන සියලූ නීති විරෝධී ගනු දෙනු සඳහා සල්ලි ගෙවන්නේ මෙරට අහිංසක ජනතාව බවද අත්තනායක මහතා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week