-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බාලවයස්කාර දැරියක් මවුපිය භාරයෙන් පැහැර ගෙන ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී පසුව දෑවැද්ද ඉල්ලමින් ඇයට පහර දෙන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකාර තරුණයා දැරිය සමග මාස 09 ක කාලයක් අඹු - සැමියන් ලෙස ගත කිරීමෙන් පසුව මෙලෙස පහරදෙන බවද පැවසේ.
මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව -කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක දැරියකි.

දැරිවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇයඉකුත් සැප්තැම්බර් මස 02 වැනිදා සැකකරු සමග පැනගොස් තිබේ.

මාසයක පමණ කාලයක් සැකකරුගේ පියා පදිංචිව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක දෙදෙනා ජීවත්වී ඇති අතර ඉන් පසුව තවත් මාස 02 ක කාලයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඥතියෙකුගේ නිවසේ ගත කර ඇත.

පසුව දෙදෙනාම වෙන්නප්පුව - කොලින්ජාඩියේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට පැමිණ ඇත.එහිදී සැකකරු සහ ඔහුගේ මව නිරන්තර දැරිවියට පහර දෙමින් දෑවැද්ද විමසා ඇත.

තමන් පත්ව සිටින තත්ත්වයෙන් මිදීමට නොහැකි තැන ඇය මේ බව වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කර තිබේ.සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week