ජපානයෙන් ආනයනය කරන ලද කන්ටේනරයක තිබී රුපියල් මිලියන 15ක් වටිනා මෝටර් රථ දෙකක් හා වැන් රථ දෙකක් අත් අඩංගුවට ගැනීමට රේගු අදායම් අධීක්ෂණ අංශය සමත්ව ඇත.
අද උදැසන මෙම කන්ටේනරය පරීක්ෂණ සදහා වීවෘත කල අතර එහිදී කොටස් කර තිබු මෝටර් රථ සොයා ගනු ලැබිය
.කොළඹ කෙයිසර් විදියේ ව්‍යාපාරිකයෙකුගේ නමින් ගෙන්වන ලද මෙම කන්ටේනරයේ ස්කවේටර් දෙකක් හා පාපැදි තොගයක් ගෙන්වන මුවාවෙන් මෙම සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා ඇත.
රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් මත මාගම්පුර වරායට ගොඩ බානු ලැබූ අධි ශීතකරණ ලොරි රථ දෙකක්ද අත් අඩංගුවට ගැනුණු අතර එහි වටිනාකම රුපියල් මිලියන 10 ක් පමණම වන බව තක්සේරු කර ඇත.
මෙම වැටලීම් සදහා රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා සමග නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක වරුන්, රේගු අධිකාරිවරුන් සහභාගි විය.
රේගු අධිකාරී පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ මේ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.