-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

- ඇමැති අනුර කියයි


දැනට වෙළෙඳ‍පොළේ පවතින ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට්‍රල්ද  හඳුන්වා දෙන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය. තවද වෙළෙඳ‍පොළේ පවතින ඩීසල් වෙනුවට සුපිරි ඩීසල් සහ යුරෝපීය තත්ත්වය යටතේ පවතින ඩීසල් හඳුන්වා දෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම වැඩසටහන යටතේ ඉන්ධන දහනයෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගත හැකිවා සේම වාහනවල නඩත්තුවටද උපකාර වන බව කීවේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වඩාත් කාර්යක්ෂම සහ මහජනයාගේ විශ්වාසය දිනාගත් ආයතනයක් කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රාශියක් කරන අතර මෙය ඉන් එකක් බවද හෙතෙම සඳහන් කළේය. එසේම ඉන්ධන හල් හිමියන් බොහෝවිට තම ඉන්ධන ටැංකි පිරිසිදු කිරීම අවම මට්ටමක පවතින නිසා ඉන්ධන භාවිතයේදී මහජන විශ්වාසය පළුදුවීම් සිදුවන බවත් පැවසූ ඇමැතිවරයා වඩාත් ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා සෑම වසර දෙකකටම වරක්ම භූගත ඉන්ධන ටැංකි පිරිසිදු කිරීම අනිවාර්ය කරන බව කීවේය.
ලසන්ත වීරකුලසූරිය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos