-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෘථිවිය දෙසට ඇදෙමින් සිටින බව පවසන 1998 QE2 උල්කාපතයේ ස්කන්ධය පෘථිවියේ ජීවයට තර්ජනයක් එල්ල කල හැකි තරම් විශාල බව පැවසේ. මෙය කිලෝමීටර් 2.7ක් දිගින් යුතු වේ.

මෙම උල්කාපාතය මැයි 31වන දින පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව ඇත. නිල වශයෙන් මෙය 1998 QE2 ලෙස හැදින් වූවත් තාරකා විද්‍රඥයින් විසින්  ‘කණිෂ්ඨ ග‍්‍රහයා’ ලෙසද හදුන්වනු ලැබේ. දෙවන එලිසබත් රැජිණට අයත් Ocean Liner නෞකාවට සමාන හෙයින් මෙම උල්කාපාතය QE2 ලෙස නම පටබැද ඇත. මෙය QE2 ලෙස නම් කර ඇත්තේ එලිසබත් රැජිණට සිදුකල ගෞරවයක් ලෙස නොවන අතර සාමාන්‍යයෙන් හදුනානොගත් ආකාශ වස්තුවක් සොයාගත් විට නම් කිරීම සිදුකරන පිළිවෙල මෙය බව පැවසේ.

උල්කාව මෙසේ නම් කර ඇත්තේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යලයෙන්ය. මෙම ග‍්‍රහ වස්තුව කොහේසිට පැමිණියාද යන්න නිශ්චිතව තීරණය කරගත නොහැකි වීම ගැටලූවක් ලෙස පවති. මෙහි මතු පිට ඇති කලූ පැහැති ඇලෙන සුලූ ද්‍රව්‍ය හේතුවෙන් මෙය සුර්යා අසලින් ගමන් කර ඇති බව සැක කරමින් සිටී.

QE2 මැයි මස 31 වෙනිදා GMT වෙලාවෙන් 20.59 ට පෘථිවිය සිට කිලෝමීටර් මිලියන 5.8 දුරින් ගමන් කරන බව සදහන් වේගමෙම දුර සද ඇති දුර මෙන් 15 ගුණයක් බව පැවසේ. අභ්‍යවකාශ මිණුම් වලට අනුව මෙය පොළොවේ සිට ගලක් උඩ විසි කලාක් මෙන් කෙටි දුරක් බව තාරකා විද්‍රඥයන් පවසා සිටී.

කැලිෆෝනියාවේ ලා කැනාජ් ෆිලින්ටි‍්‍රජ් හී පිහිටි Jet Propulsion විද්‍ර්‍යාලයේ පරයේෂක වරයෙකු වන එමී මෙයින්සර් පවසා සිටිනුයේ මෙය ඉතා විශාල ග‍්‍රහ වස්තුවක් බවත් මෙවැනි විශාල ග‍්‍රහ වස්තුවක් හා පෘථිවිය ගැටීමෙන් අතීතයේ පෘථිවියේ සිටි ජීවින් විනාශ වූ බවත්ය. නමුත් මෙම උල්කාපාතය පිළිබදව අප බිය විය නොමැති බවත් මෙය අවුරුදු කිහිපයක සිට නිරික්ෂණය කරමින් සිටින හෙයින් මෙය පෘථිවිය හා ගැටීමක් සිදුනොවන බවත් ස්ථීරවම සදහන් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos