-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රූපවාහිනි කැමරා ඉදිරියේ දී, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී එකක් කියා ඊට ඉඳුරාම වෙනස් දෙයක් සිදු කිරීම දැන් බොලිවුඩ් නළු නිළි පරපුරට හුරු පුරුදු වී ඇතුවා වගෙයි. ඔවුනුත් හරියට දේශපාලනඥයන් වගෙයි.

මාධ්‍යවේදීන් ඉදිරියේදී තමන් ගේ රංගන ජීවිතය ගැන, පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ විවෘත හදවතින් වගෙයි අපට පෙනෙන්නේ. ඒ වුණත් මතුපිටින් කියන කතාවට වඩා රහස්, මේ බොලිවුඩ් ජීවිතවල ඇතුල් පැත්තේ තියෙනවා. ඒ බව ලොවට විවර වෙන්නේ බොහෝ කල් ගිහින්.

සුපිරි නළු සල්මන් ඛාන් ද එවැනි අයෙක්. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ පෙම්වතියන් ගැන මාධ්‍ය ලෝකයට පවා ලෙහෙසියෙන් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ පෙම් කතා කිසියම් ගුප්ත බවකින් වෙලී තිබෙනවා. මේ දඩබ්බර නළුවාගේ පෙම්වතියන් වී සිටි අය කවුරුන් දැයි බොහෝ දෙනෙකු දන්නවා.

ඔවුන් තමයි, ඉන්දියාවේ හිටපු රූ රැජනක වූ සංගීතා බිජ්ලානි, ලෝක රූ රැජන ඓශ්වර්යා රායි, ජනප්‍රිය නිළියන් වන සොමි ආලි සහ කට්රිනා කායිෆ්. මේ අයගෙන්
සමහරු, සල්මන් සමඟ විවාහ වන්නට සූදානමින් සිටියා. ඒත් ඒ ආදර කතා විවාහයෙන් කෙළවර වුණේ නැහැ. සියල්ල ම නිමාවට පත්වුණේ විරසක වීම් වලින්.

සල්මන් ගේ මෑත ආදර කතාවේ කිරුළු පැලඳ සිටියේ කට්රිනායි. ඒ පෙම් කතාව දිගු දුරක් ඇදී ගියා. ඒ ආදර කතාව නිම වීමෙන් පසුව සල්මන්ට ළං වූ පෙම්වතියක් ගැන කිසිවකු දැන සිටියේ නැහැ.


සල්මන් තනිකඩව සිටින බවයි කවුරුත් සිතුවේ. පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් ලැබුණු ආරංචියකට අනුව නම් කට්රිනා ගෙන් වෙන් වූ පසුව සල්මන්ට සමීප වූ රූමතියක් සිටිනවා. ඇය, ටෙලි නිළියක්. බොලිවුඩ්පුරයේ නිළියක නොවෙයි.

රුමේනියාවේ රූපවාහිනී නිළියක මෙන්ම නිවේදිකාවක වන ඉයුලියා වැන්ටර්. මේ බව මුල් වරට අනාවරණය කළේ රුමේනියාවේ සඟරාවක්.

එහි සඳහන් වන ආකාරයට සල්මන් - ඉයුලියා පෙම් කතාව ඇරඹී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර. සල්මන්ට මේ රූමතිය මුණ ගැසී තිබෙන්නේ ඇය 2010 දී මුම්බායි වෙත පැමිණි මොහොතකදීයි.

ඒ වන විට ඉයුලියා පෙම්වතෙකුගෙන් වෙන්වී සිටියා. දුටුවන් වශීවන තරමේ රූ සිරියකට හිමිකම් කියන ඉයුලියාට ළංවීමට සල්මන් නොපෙලඹුණා නම් එය පුදුමයක්. ඔහු මේ ටෙලි නිළියට බෙහෙවින් සමීප වුණා. නිරතුරුවම හමුවුණා.

මේ වනවිට ඉයුලියා රැඳී සිටින්නේ මුම්බායි නුවර. අලුත් ම ආරංචිවලට අනුව පැවසෙන්නේ ඉයුලියා තම ජීවන සහකාරිය කරගන්නට සල්මන් තීරණය කර ඇති බවයි. මේ බවත් සල්මන් නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. ඉයුලියා ගැන පවා කිසිවක් මෙතෙක් පවසා නැහැ.

ඒ වුණත් බොලිවුඩ් පුරයේ ‘උකුසු ඇස්’ පවසන්නේ සල්මන් සහ ඉයුලියා නිතරම ඉන්දියාවේ තරු පහේ අවන්හල්වලදී හමුවන බවයි. මෑතකදී මේ දෙදෙනා මුම්බායි නගරයේ සුපිරි හෝටලයකදී මුණ ගැසී සුපිරි කෑම වේලක රස බලමින් කතා බහ කරන අයුරු බොහෝ දෙනෙකු දැක තිබෙනවා.

සුජීව තේවහෙට්ටිගේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos