-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොළොන්නරුව, හිඟුරක්ගොඩ වැලිකන්ද ප‍්‍රදේශයේ අහසේ ඊයේ (11) රාත‍්‍රියේ පිපිරීමේ ශබ්දයක් සමග විශාල ආලෝකයක් බිමට පතිත වූ බව ගම්වාසීන් ආරක්ෂක අංශ වෙත දන්වා ඇතැයි වාර්තා වේ. මෙම ශබ්දයත් සමග එම ප්‍රදේශයේ නිවාස රැසක නිවාස වල දොර ජනෙල් දෙදරුම් කා ඇත. 

මෙය වාර්තා වීමත් සමග පොලිසිය, ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙම ආලෝකය පතිත වූ ප‍්‍රදේශයට ගොස් පරීක්ෂණ කටයුතුවල නිරතවී ඇත. 

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා ඇත්තේ හිඟරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් ද මෙය දැක ඇති බවත් ඔවුන් ද අදාළ ආලෝකය පතිත වූ ප‍්‍රදේශයට වහාම පිටත් කොට ඇති බවත් යනුවෙනි.

මෙම ආලෝකය සම්බන්ධව තවත් පරීක්ෂණ සිදු කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම ආලෝකය රේඩාර් තිරයට හසු නොවූ නිසා එය අභ්‍යාවකාශ යානයක් නොවන බවය. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා සදහන් කළේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක ඊයේ රාත‍්‍රී 8.30න් අවසන් වූ පැය කිහිපයේ දී මෙලෙස අකුණු වාර්තා වී තිබූ අතර, මෙම සිද්ධිය "බෝල අකුණු" වර්ගයේ අකුණක් වැදීමක් විය හැකි බවය. 

බෝල අකුණු යනු වැසි තත්ත්වයක් නොමැති අවස්ථාවලදී වුවද විශාල ශබ්දයක් නඟමින් වක‍්‍රාකාර දැඩි ආලෝකයක් නිපදවා එක්වර නැෙඟන අකුණු වර්ගයකි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos