බම්බලපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායනයකදී එන්නතක් ලබාගත් වෛද්‍යවරියක් අද පස්වරුවේ මියගොස් තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා.
"බම්බලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන සායනයකට සහභාගී වූ වෛද්‍යවරියක් එන්නතක් ලබාගැනීමෙන් පසු මිය ගොස් තිබෙනවා...
එම සායනය එම් බී බී එස් ලබාගත් ඇමරිකාවේ විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරයෙක් විසින් පවත්වාගෙන යන බවටයි ඔහු විසින් දන්වා තිබෙන්නේ... එම සායනය මගින් සමේ පැහැපත් බව වැනි කරුණු සදහා ප‍්‍රතිකාර ලබා දෙනවා...
මෙම වෛද්‍යවරිය අද සවස 4.30ට පමන එම ස්ථානයට ගොස් තිබෙනවා.. ඇගේ මුහුණේ පැහැපත් කම සම්බන්ධයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට... ඇයට එන්නත් කරන ලද එන්නතකින් පසුව ඇය මිය ගොස් තිබෙනවා.. "