මාතලේ, හිරිපිටිය වලව්වේ උපාධි අපේක්ෂිකාවක් වු ලලනි නදීෂා තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙලිවී තිබෙනවා. එහිදී හෙලිව ඇත්තේ එම තරුණිය ඝාතනය කිරීමෙන් පසු දුෂණයට ලක්ව ඇති බවයි.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මියගිය තරුණියගේ සිරුරේ තැවරී ඇති ශුක්රාණු සාම්පල බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යවා තිබෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයින්ගෙන් ලබාගත් ලේ සාම්පල ද එම ආයතනයට යොමුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව අදාල ශූක්රාණු සාම්පල සහ රුධිර සාම්පල සැසඳීමෙන් සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 05ක් පරික්ෂණ ක්රියාත්මක කරනවා.