නිමාවට පත්වු 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹු ඉසව්ව ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා. අමෙරිකාව තුල පමණක් මිලියන 5යි දශම 3ක් අන්තර්ජාලය ඔස්සේ මෙවර තරගාවලිය නරඹා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රූපවාහිනි විකාශන කටයුතු භාර අධ්යක්ෂ නිකලස් එරික්සන් ප්රකාශ කර ඇත්තේ එම තරගාවලිය සන්නිවේදන ඉතිහාසයේ වර්තා රැසක් බිඳ හෙලීමට සමත්ව ඇති බවයි. ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය අතරතුර අන්තර්ජාලය ඔස්සේ අතිවිශාල පිරිසක් එය නැරඹිම හේතුවෙන් අන්තර්ජාල දත්ත හුවමාරු වේගය පවා සිඝ්රලෙස පහත වැටී තිබුණු බව විදෙස් වාර්තා අනාවරණ කළා.
රූපවාහිනිය ඔස්සේ එම තරගය නැරඹු පිරිස ද නිසැකවම පැරණි වාර්තා බිඳ දමනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. හිමිකම් සහිත රූපවාහිනි ආයතන 40ක් සහ තවත් නාලිකා 120ක් ඔස්සේ මෙම තරගය ලොව පුරා විසුරුවා හැරියා.
ෆිෆා වෙබ් අඩවියට ඇතුලත් කළ දර්ශන මිලියන 10කට වඩා බාගත කළ අවස්ථා 20ක් වාර්තා වු බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේ.