-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දිනවල ලංකාවේ මාධ්‍ය ගණනාවකම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් කාන් සම්බන්ධ විශේෂ ප්‍රවෘත්තියක් පළව තිඛෙනවා. ඒ ඔහු අදහන ඉස්ලාම් දහම අතහැර බුදු දහම වැළඳගන්නට යන කතාවකි.
මෙහි සත්‍යතාව පිළිබඳ අප කළ සොයා බැලීමේදී ෂාරුක් කාන් බුදු දහම වැළඳගන්නට යන පුවත අතිශොක්තියෙන් සිදු කළ වාර්තාකරණයක් බව පෙනී යයි.
ඇත්තටම සිදුව ඇත්තේ 
ඔහු සිය කලබලකාරී මනස සංයමයකට පත්කරන්නට බුදුන් වහන්සේ ගැන පොත්පත් කිහිපයක් කියවන්නට උනන්දු වූ බව පමණකි.
ඒ බව ෂාරුක් කාන් තමන්ගේ පුද්ගලික ට්විටර් ගිණුමේ පසුගිය ජුනි 3 වනදා තැබූ කෙටි සටහනක් ඔස්සේ කියා තිබේ.

"Got a set of books on the life of Gautam Buddha. Excited to start reading them so that I can Calm down a bit."

zගෞතම බුදුන්ගේ ජීවිතය ගැන පොත් සෙට් එකක් මට ලැබුණා.මගේ සිත ටිකකට හරි සන්සිඳුවගන්න ඒවා කියවන්න මං පටන්ගත්තා.Z
ෂාරුක් මෙසේ කියා ඇත්තේ පසුගිය අයිපීඑල්7 තරගාවලියේ ඔහුට අයත් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පිටපිට දෙවන වතාවටත් ජයග්‍රහණය කිරීමෙන් පසු සිතට ආ නොසන්සුන්කම ගැන ට්විටර් පණිවිඩ ගණනාවක් සටහන් කිරීමෙන් අනතුරුවය.
ඔහු බුදු දහමට හැරෙන්න ගියායැයි මේ තරම් දුර දිග ගිය කතාවක් ගොතන්නට තරම් එය ප්‍රමාණවත් නොවේ.

ෂාරුක් කාන් යනු උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වුවත් ඔහුගේ බිරිය හින්දු භක්තිකයෙකි.ඔහු බොහෝ තැන්වලදී තමන් ආගමික සීමාවකට කොටුවී කටයුතු නොකරන අයෙකු බවත් මනුෂ්‍යත්වයට ආගමක වෙනසක් නැති බවත් කියා ඇත. ඔහුගේ zඅශෝකZ චිත්‍රපටය වෙනුවෙන් 2001 ආසන්න කාලයේ ඔහු බොහෝ බෞද්ධ පොත පත කියවූ අයෙකු වන අතර ඒ කාලයේ ටිඛෙටයේ දලයි ලාමා තුමන් හමුවීමටද ඔහු ගොස් තිබුණා.
අනතුරුව නිකුත්වූ ඔහුගේ zමයි නේම් ඉස් කාන්Z චිත්‍රපටයේ මූලික හරයටද බෞද්ධ දර්ශනය උපයෝගී කරගත් බව ඔහු කියා තිබුණා.

ඔහු සැබෑ ලෙසම බෞද්ධ ධර්මය හඳුනන සෑම ආගමකටම ගරු කරන පුද්ගලයෙකි. ඔහු සිත සන්සුන් කරගන්නට බෞද්ධ පොතපත කියවීමද අගය කළ හැකි කාරණාවකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week