-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙය එසේ කලාතුරකින් අසන්නට ලැබෙන කතාවකි. මේරි රීඩ් නමැති ඉංග්‍රීසි කාන්තාව හමුදාවට බැඳීම සඳහා පුරුෂයෙකු ලෙස හැඳපැළඳි අයෙකි. ඇය ෆ්ලෙමිස් යුද භටයෙකු සමග විවාහ විය. (ප්ලැන්ඩර්ස් නැමැති බෙල්ජියානු, ප්‍රංශ සහ නෙදර්ලන්ත සීමාවේ ඇති ලන්දේසි බස කතා කරන අයෆ්ලෙමිස් වේ) ඔහු මියගිය පසු ඇය කැරිබියන් වෙත නැව්නැග යන අවස්ථාවේ මුහුදු කොල්ලකරුවන්ට අසුවිය. එහිදී ඇයට අයර්ලන්ත කාන්තාවක්ද හමුවිය. ඇය මුහුදු කොල්ලකරුවන් සමග සේවය කරන ඈන් බොනී නම් අයෙකි. මෙම දෙදෙනා කොල්ලකාර නායක  ‘CAPTAIN CAICO JACK RACKHM’  යටතේ නිර්භීතව කොල්ලකෑම්වල යෙදී ඇත. මේ දෙදෙනා බොහෝ නැව් කොල්ලකා ඇති අතර කොල්ලකාර නායක ජැක් රැකට්ගේ අනියම් බිරින්දෑවරුන් ලෙසද ජීවත්වී ඇත. නායකයා නොමැති අවස්ථාවල නායිකාව ලෙස කටයුතු කර ඇත්තේ මේරි රීඩ් නමැති මෙම කාන්තාවයි. ඇයගේ නිර්භීතභාවය සහ දක්ෂතාව මුහුදේ සැරිසරන නාවිකයන්ට සහ මගීන්ට දැනගන්නට ලැබි ඇත. එහෙත් 1720 එක් දිනක් බහමාස් දූපත් අසලින් නැව යාත්‍රා කරන අවස්ථාවේ එම නැවේ සියලු පිරිස් අත්අඩංගුවට පත්වී ඇත. අත්අඩංගුවට පත් සියලු දෙනා ජැමෙයිකාවේදී එල්ලා මරන ලදී. කාන්තාවන් දෙදෙනා දරුවන් ලැබිමට සිටි නිසා මරණින් නිදහස් වුවද, පසුව උණෙන් පෙළීම නිසා මරණයට පත්විය.
1630-1720 අවධියේ මුහුදු කොල්ලකෑම් අධික විය. 1600-1700 අවධියේ බ්‍රිතාන්‍ය දූපත් හරහා ගමන් කරන මගීන්ට එල්ලුම් ගස සාමාන්‍ය දර්ශනයක් විය. මුහුදු කොල්ලකරුවන් අල්ලාගත් විට ඔවුන් එල්ලා මරා මළමිනිය දිරාපත් වන තෙක් එල්ලා තැබුවේ අන් අයට බලා ගැනීම සඳහාය. මෙසේ එල්ලුම් ගස් ලන්ඩනයේ ටිල්බරි වරායේ තේම්ස් නදිය දිගේ යන නාවිකයන්ට සහ මගීන්ට දර්ශනය වන ලෙස සාදා තිබුණි.
මුහුදු කොල්ලකාර රැජින ක්‍රි.ව. 1560 දී අයර්ලන්තයේ බටහිර ඉවුර දෙසට යන නැව්වලට කොල්ලකාර නාවික කණ්ඩායමක පහරදීම්වලට ලක්වීමට සිදුවිය. මේ කොල්ලකාර නාවික කණ්ඩායම නවතා තිබුණේ ‘ක්ලයිව්’ බොක්කේ විය. මෙහි ඇති කුඩා දූපත් අතරේ සැඟවී සිට පහරදීම පහසු කාරණයක් විය. මෙම කොල්ලකාර හමුදාවේ නායිකාව වංශවත් අයර්ලන්ත පවුලක කතක් වන ගේ‍රයින්නි මායිල්  නැතහොත් ග්‍රේස් ඩි මැලී නම් විය. 1593 දී ඇයට ඪ වන එලිසබත් රැජිනගෙන් පුද්ගලික සමාවක් ලැබිණි. මැය ඉංග්‍රීසි සහ අයර්ලන්ත නැව්වලට පහර දුන්නාය. 1557 දී ඇයගේ කොල්ලකාර නාවික හමුදාවට ඉංග්‍රීසින් පහර දුන්විට ඇය ප්‍රතිප්‍රහාර එල්ල කළාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week