-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුලින්ම අපි ‘චමත්කා’ චිත්‍රපටය ගැන කතා කරමු.
මේ චිත්‍රපටය ගායකයකු වටා දිව යන සංගීතමය ප්‍රේම කතාවක්. මේක මගෙ කතාවක් අනුව මහේෂ් සත්සර මද්දුමආරච්චි තමයි රචනා කළේ. මේක අපේ ප්‍රේක්ෂකයන්ට සුන්දර අත්දැකීමක් වේවි.
 චමත්කා ප්‍රධාන නිළිය ඉන්දියානු නිළියක්?
ඔව්. මේ චිත්‍රපටයේ පාරමී කියන චරිතය රඟපාන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ උපත ලැබූ 23 හැවිරිදි වියේ පසුවන නවක නිළියක්. ඇය “ජැස්මින් භාෂින්” ඇය මේ වන විට වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් ලෙසත්, හින්දි, තෙළිඟු, ද්‍රවිඩ චිත්‍රපටවලට එක්වෙමින් සිටින නවක නිළියක් ලෙසත් සිය දක්ෂතා
 මතුකරලා තියෙනවා.
 ඇයි ඉන්දියානු නිළියක් තෝරා ගත්තේ?
ගොඩක් දෙනෙක් ඔය ප්‍රශ්නෙ අහනවා.  සමහරු චෝදනා කරනවා. මම අංජලිකා තුළින් පූජා උමාශංකර් සිනමාවට හඳුන්වා දුන්නමත් ඇතැම් අය දොස් කිව්වා. නමුත් පස්සෙ බොහෝ අය අපේ චිත්‍රපටවලට ඇය සම්බන්ධ කරගත්තා. ‘චමත්කා’ චිත්‍රපටයේ ‘පාරමී’ කියන්නේ ගැමි පරිසරයක හැදුණු චාම් ගති ඇති අහිංසක තරුණියක්. ඒ චරිතයට නවක මුහුණක් යොදන්න හිතුවා. මමයි අපේ නිෂ්පාදක මහතයි මාස දෙකක්  ඊට සුදුසු කෙනෙක් රට පුරා හෙව්වා. අපට සුදුසු අය හමුවුණා. ඇතැම් අයට පෙම්වතාගේ විරෝධය නිසා රඟපාන්න බැහැ. තවත් අයට ගෙදරින් විරෝධතා. ඔන්න ඔය වගේ නොයෙක් ප්‍රශ්න හින්දා අපට අවශ්‍ය ගෑනු ළමයා හොයන්න ඉන්දියාවට යන්න අපි තීරණය කළා. 40 දෙනකු පමණ සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා තමයි මම ජැස්මින්ව තෝරා ගත්තේ.
 ජැස්මින්ට සිංහල ගැමි යුවතියකගෙ චරිතය රඟපෑමට ලොකු අභියෝගයක් වේවි?
ඇයව අධ්‍යක්ෂණය කිරීම මටත් අභියෝගයක් වේවි. පාරමීගෙ චරිතය රඟපාන එන ඇයටත් අභියෝගයක් වේවි. ඒත් ඇගේ කැපවීම මට සම්මුඛ      පරීක්ෂණයේදී වැටහුණා.  එදා සම්මුඛ පරීක්ෂණයේදී මම සිංහල දෙබස් කියන්න දුන්නේ. සම්මුණ පරීක්ෂණයට පැමිණි අය ඒ දෙබස් පාඩම් කරන්න දක්වපු කැපවීම තුළින් ඒ රටේ නවක පිරිස තුළ ඇති කැපවීම මා දුටුවා. ඒ කැපවීම ජැස්මින්ටත් උපරිමයෙන් තියෙනවා. ඇය මේ චරිතයට සාධාරණයක් කරන බව මට විශ්වාසයි.
 චන්නගෙ සෙසු නිර්මාණ ගැන කතා කළොත්?
මා අධ්‍යක්ෂණය කළ ‘කල් පාන්තයේ සිහිනයක්’ තිරගත වීමට නියමිතයි. ටෙලි නාට්‍ය 12ක් මා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ‘චමත්කා’ කළ පසු ළමා චිත්‍රපටයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.
 ඔබේ බිරිඳ ගයාත්‍රි චමත්කා චිත්‍රපටයේ නැත්තේ ඇයි?
ගයාත්‍රිට සුදුසු චරිතයක් මේ චිත්‍රපටයේ නැහැ. ඒ හින්දයි ඇය නැත්තේ.
 ඔබලාගේ දුවලා ඔබේ චිත්‍රපට සඳහා දායක කරගන්නේ නැද්ද?
ලොකු දුව මලීෂා පෙරේරාට දැන් අවුරුදු 15යි. ඇය පුංචි වීරයෝ සහ ටිකිරි හපන්නු ටෙලි නාට්‍යවල රඟපෑවා. මේ දවස්වල ඇයව කලා කටයුතුවලට යොදා ගත්තේ නැහැ. විභාගය අවසන් වුණාම යළි දායක කරගන්නවා. දෙවැනි දුව දුවාෂා පෙරේරාට දැන් අවුරුදු 8යි. ඉදිරියේදී මගෙ නිර්මාණයට දුවාෂා සම්බන්ධ වෙයි.
 චන්නගේ කාර්යබහුල කලා ජීවිතේට ගයාත්‍රිගෙන් සහයෝගය ලැබෙනවාද?
(හිනැහී) ඇයත් මම තරමටම කාර්යබහුලයි. ඉතින් මට සහය දෙන්න ඇයට වෙලාවක් නැහැ. මට මගෙ කටයුතු නිදහසේ කරගන්න ඇගෙන් බාධාවක් නැහැ. ඇයටත් මම ඒ නිදහස දීලා තියෙනවා. ඒක තමයි අපි දෙන්න අපි දෙන්නට දෙන ලොකුම සහයෝගය.
 චන්න ගයාත්‍රි විවාහ විදියේ අර්බුද ගැන කටකතා පසුගිය කාලයේ පැතිර ගියා?
කටකතා කියන්නේ කට පලියට කියන කතා. ඒවා ගැන හිතලා අපි සිත් රිදවාගත යුතු නැහැ. කටකතාවලට පිළිතුරු දෙන්න ගියාම සිදුවන්නේ ඕවා තව තවත් දිගට ඇදිල යන එක. කාලය හැමදේටම උත්තර දේවි. මම ඔය දේවල් ගැන හිතන්නේ නැතුව මගෙ කටයුතු කරගෙන යනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week