සාස්තර කියන මුවාවෙන් නිවෙස් වෙත පැමිණ වවුනියාව ප‍්‍රදේශයේ නිවාස කොල්ලකෑමි සිදු කළ කාන්තාවන් තිදෙනෙකු ඊයේ(08) අත්අඩංගුවට ගත් බැවි වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව පොලිසිය පැවසුවේ සාස්තර කියන මුවාවෙන් නිවෙස් වෙත පැමිණ වවුනියාව ප‍්‍රදේශයේ නිවාසයන්හි රුපියල් ලක්ෂ 15 ක පමණ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ කාන්තාවන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.අදාළ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව අති නවීන ජංගම දුරකථන තුනක්ද තිබි අත්අඩංගුවට ගත් බැවිද වවුනියාව පොලිසිය පැවසීය.
වවුනියාව ප‍්‍රදේශයේ සිදු වු රන් භාණ්ඩ කොල්ලකෑමි සමිබන්ධයෙන් පොලිසිය වෙත ලද පැමිණිල්ලක් විභාග කිරීමේ දි අදාළ කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බැවිද වවුනියාව මූලස්ථාන පොලිසිය පැවසීය.