-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීම සඳහා මොනෝරේල් සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව අප මෙයට පෙර අනාවරණය කළ අතර ඒ පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
අධිවේගී මාර්ග ඉදිකළද රථ වාහන තදබදය නිසා කොළඹට ඉක්මනින් පැමිණිය නොහැකි බව පෙන්වා දෙමින් පී. හැරිසන් මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මෝනෝරේල් කොළඹට හඳුන්වාදීම පිළිබඳ මූලික සාකච්ඡා රජය විසින් අවසන් කර තිබෙන බවයි.
මේ අනුව, මොනෝරේල් ධාවන පථයක් මොරටුවේ සිට තලංගම දක්වා ඉදිකිරීම සඳහා යෝජනා වී තිබෙන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
2013 මහ බැංකු වාර්තාවෙන් මහ බැංකුවද අවධාරණය කර තිබුණේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා නාගරික ප්‍රදේශ තුළ මොනෝරේල් සේවාවක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.
මෙවැනි දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා විශාල පිරිවැයක් ගියත් එහි ප්‍රතිලාභ මගින් සිදුකළ වියදම පහසුවෙන්ම ලබාගත හැකිබව මහ බැංකුව පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය විසින් අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මේ වනවිට පත්කර තිබේ.
කොළඹ නගරය තුළ මොනෝරේල් සේවාවක් ආරම්භ කිරීමට අදාළ මූලික ශක්‍යතා අධ්‍යනය අවසන් කර තිබෙන අතර  මාළඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත, ජාතික රෝහල, යුනියන් පෙදෙස, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ කොටුව සහ කොටහේන සම්බන්ධ කරමින් මෙම සේවාව ආරම්භ කිරීම උචිත යැයි හඳුනාගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week