පකිස්ථානයේ කරාචි නුවර ජින්නා ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන තිබේ.
පකිස්ථානයේ ටෙරීක් – ඊ – තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු AFP පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සිය නායකයාව සිටි හකිමුල්ලා මෙෂුඩ් ඝාතනය කිරීමට එරෙහිව පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ය.
මෙය පළිගැනීමේ එක් පියවරක් පමණක් බව ත් ඉදිරියේදී මෙවන් පළිගැනීම් සිය ගණනක් සිදු කරන බව ත් ඔහු පවසා තිබේ.
ත්‍රස්ත ක්‍රියා නතර කර සාම සාකච්ඡා සඳහා ඉදිරිපත් වන ලෙසට පකිස්ථාන රජය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප විය.