-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුන්ගේ දරුවන් ඉල්ලාගෙන සිඟමන් යදින්නන් ඒ අතර
කිසිදු අධ්‍යාපනයකට යොමු කිරීමක් නැහැ 

දරුවන් හම්බ කරන මුදලින් වැඩිහිටියෝ කති බොති. දරුවන්ට කහට උගුරක්වත් නැහැ 
රටක අනාගතය යනු දරුවන්ය දරුවන් යනු රටක අනාගතයයි. අද අප රටේ තරම් ළමා අයිතිවාසිකම් කඩකර දරුවන් පීඩාවට පත්කරන තවත් රටක් නැති තරම්ය. සිය දරුවන් මුදල් ඉපයීම සඳහා යොදවා ළමුන්ගේ ලජ්ජාව බිය නැතිකරමින් සිටින මවුවරුන් පියවරුන් රැසක් අදත් මල් කැකුළුවන් දරුවන් තලාපෙළමින් කතරගම ජීවත් වේ. කතරගමට එන බොහෝ බැතිමතුන් පිරිසක් විදිවල සැරිසරන ළමුන් වඩාගත් කාන්තාවන්ට මුදල් ලබාදෙනු ලබන්නේ අතේ සිටින කිරිසප්පයා ගැන දුකක් දැනීම නිසාවෙනි. කතරගම පූජා භූමියෙත් නගරයෙන් පිටත් මේ වන විට දරුවන් අත ඇතිව කාන්තාවන් රැසක් සිටින අතර තවත් පියවරුන් රැසක් දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනයද ලබා නොදී මුදල් ඉපයීමේ යොදවා සිටිති. මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් කතරගමට සංක්‍රමණය වූ අය වේ. වන්දනාකරුවන් නිතරම පැමිණිම නිසා කාට හෝ අත පා මුදල් ඉපයීමට මගක් කර ගැනීම නිසා මෙම පිරිස් පැමිණ ඇති අතර වන්දනාකරුවන්ද සිතනුයේ මෙම පිරිස් කතරගම ජීවත්වන ගමේ පිරිසක් බවයි. වැහිබර දිනය අව්ව වැස්ස පින්න යන මේ කිසිවක් නොතකන කාන්තාවන් පිරිසක් නිතරම කිරවෙහෙර මාර්ගයේ දී දැක ගත හැකි අතර මෙම දරුවන්ට නිසි අයුරින් නිදා ගැනීමටවත් ඉඩක් ලබා නොදෙති.
ඇතැම් කාන්තාවන්ට දරුවකු නොමැති නම් කාගේ හෝ දරුවකු ඉල්ලාගෙන වන්දනා කරුවන් පැමිණෙන විටදී සිය සැමියා මිය ගොස් ඇතැයි කියා සිඟමන් යෙදෙන මෙම කාන්තාවන් අසරණ දරුවන්ට අඩුම තරමේ තේ කහට උගුරුක්වත් බිමට ලබා නොදෙති. වයස අවුරුදු එක දෙක වැනි කුඩාම ද
Veedi-daruwan1රුවන් වඩාගත් මෙම කාන්තාවන් සිය දරුකම පසක දමා මුදල් ඉපයීම මූලික අරමුණ ලෙස සිටින අතර තවත් අවුරුදු 8-10 වැනි වයසේ පිරිමි ගැහැනු ළමුන්ද සිය දෙමාපියන්ගේ බලපෑම මත පූජා භුමියේ සැරි සරමින් වන්දනා කරුවන්ට අත පා ලැබෙන මුදල සිය පියාට ගෙනගොස් දෙන අයද කතරගම සිටිති.
අසරණ දරුවන් හම්බකරන මුදලින් අරක්කු බි හොඳට කා බි සිටින මෙම මවුවරුන් පියවරුන් සිය දරුවන් පාසල වෙත යොමු කිරීමට කටයුතු නොකරති. මේ අතර තවත් කුඩා පිරිමි දරුවන් කතරගම පලතුරු කඩවල පූජා වට්ටි හිස මත තබා දේවාලයට රැගෙන යෑමට යොදවා ඇති අතර ඇතැම් පිරිස් වන්දනාකරුවන්ගේ පාවහන් වැනි දෑ සොරකම් කිරීමට හුරුව සිටිති. මෙයට අමතරව කතරගම අවට ප්‍රධාන මාර්ගවල දුගීබව පෙන්වීම පිණිස කටු මැටිගෑ තාවකාලික නිවෙස් තනාගෙන යාචකයන් ලෙස පෙන්වන පිරිසක්ද කුඩා දරුවන් සිඟමන් යෙදවීමට කටයුතු සිදු කරමින් පවතී. මොවුන් අතර ගැහැනු දරුවන්ද සිටින අතර මෙම දරුවන් පාසල් වෙතද නොයන අතර සමහරක් පාසල් යන අය වේ. නිතර යන එන වන්දනාකරුවන්ගේ රථ වාහන නවතා සිය පියා මව මිය ගිය බවට මුසා බස් පවසා මුදල් උපයා සිය මවුපියන්ට ලබා දෙන අතර මේ තුළින් දරුවන්ගේ ලජ්ජාව බිය නැති වී ගොස් අනාගතයේ නපුරු විපත් සඳහා යොමුවීමට හැකිය.
කතරගම මෙම වීදි ළමුන් හා පාසල් නොයන දරුවන් යහමගට ගැනීමේ ප්‍රජා සත්කාර වැඩසටහන් කතරගම ‍පොලීසිය විසින් ආරම්භ කර ඇත. බුද්ධි ප්‍රබෝධ පදනම නමින් මෙම සංවිධානය බිහිවී ඇති අතර මෙම වැඩ සටහන මගින් පාසල් නොයන දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධව අදහස් දැක් වූ කතරගම ‍පොලිස් ස්ථානාධිපති ලක්සිරි චන්දිමාල් මහතා කතරගම පිටපළාත් වලින් පැමිනි පිරිස් සිය දරුවන් මුදල් ඉපයීමේ  උපායන් භාවිතා කරනවා. ‍පොලීසිය මේ අය පිළිබඳව නිතර විමසිල්ලෙන් පසුවෙනවා. ඇතැම් මවුවරුන් දරුවන් සිඟමන්වලට යොදවා මුදල් උපයනවා. ‍පොලීසිය මගින් මේ අය කීපවිටක් අල්ලගෙන අධිකරණ වෙත යොමු කළා. පාසල් නොයන දරුවන් පාසල් වෙත යොමු කිරීමට යෑමේ දී දරුවන්ට සුව නොවන රෝග ඇති බව පවසා පාසල් නොයවා සිටීමට මවු පියවරුන් ක්‍රියා කරනවා. කතරගම ජනයාගේ අභිමානයට පවා කැළලක් කරමින් අසරණ දරුවන් සිඟමන්වලට යොදවා මුදල් උපයන මෙම කරුම මවුවරුන් හා පියවරුන් පිළිබඳව ළමා අයතීන් පිළිබඳව සොයා බලන ආයතනවල ඇසද යොමු විය යුතුය. කිසිදු දෙයක් නොතේරෙන මල් වැනි දරුවන් පෙන්වා මුදල් ගෙන දරුවන්ගේ කුසට ආහාරයක්වත් නිසිලෙස ලබානොදෙන මේ මවුපියවරුන් පිළිබඳව සොයා බැලිය යුතු කාලයයි මේ.

කතරගම කේ.ඩී. දේවප්‍රිය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos