-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තිස්‌සමහරාම දෙබරවැව නගරයේ උපකාරක පන්තියකට ගොස්‌ ආපසු ගෙදර යැමට බස්‌ නැවැතුමේ සිටි දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ රවටාගෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දූෂණය කළ හතළිස්‌ හය හැවිරිදි පුද්ගලයකු සහ ඊට අනුබල දුන් නවාතැන් පොළ පවත්වාගෙන ගිය හිමිකරු තිස්‌සමහරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තිස්‌සමහරාම පන්නගමුව වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ තොන්ඩිලගේ බෙනට්‌ නන්දන යන අය සහ තිස්‌සමහරාම පන්නගමුව ප්‍රදේශයෙහි නවාතැන් පොළ පවත්වාගෙන ගිය හිමිකරු වන දෙබරවැව ප්‍රදේශයෙහි පදිංචි මද්දුම පටබැඳිගේ හසන්ත කුමාර යන අයයි.

සිද්ධිය පිළිබඳව දැරියගේ මව විසින් තිස්‌සමහරාම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්‍ෂණයකින් පසු සැකකරුවන් දෙදෙනා පොලිස්‌ අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැරියගේ මවගේ අනියම් සැමියා බවට අනාවරණය වන අතර දැරිය උපකාරක පන්තියට ගොස්‌ ආපසු නිවසට ඒමට බස්‌ නැවැතුමේ රැඳී සිටියදී සුදු පාට වෑන් රථයකට නංවාගෙන පන්නගමුව ප්‍රදේශයෙහි කුලියට කාමර දෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දැරිය දූෂණයට ලක්‌කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වේ.

මේ වන විට දැරිය වෛද්‍ය පරීක්‍ෂණයට යොමු කර ඇති අතර තිස්‌සමහරාම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos