-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීම 13 වැනි දා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි.

මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.
පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන සිව් වතාවක් දිනා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos