ජුරාසික් පාර්ක් චිත්‍රපටියෙහි රංගනයෙන් දායක වන සුපිරි නළු කැමරන් තෝර් 13 හැවිදිරි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැමරන් තවත් පැහැරගැනීම් 11 කට සහ සොරකමකටද සම්බන්ධ බව මාධ්‍ය වාර්තා කරයි.
54 හැවිරිදි නළුවා අදාල දූෂණයට ලක්වූ ගැහැණු ළමයා ලොස් ඇන්ජලීස් නගරයේ ඇති පාලු ස්ථානයකට රැගෙන ගොස් මෙලෙස දූෂණය කර ඇති බව වාර්තා වේ. අදාල ගැහැණු ළමයාට රංගනය පිලිබඳ ඉගැන්වීම් කරන මුවාවෙන් මෙලෙස ඇයව රැගෙන ගොස් ඇත.
සැකකාර නළුවාට අධිකරණයෙන් ඩොලර් මිලියන 2.6 ක ඇපයක් නියම කර ඇති අතර ලබන ජුනි 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.