-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දියවන්නා ඔය සිසාරා එන සුළඟ දියත උයන සනසමින් අපි එනතුරු සූදානමින් සිටියා. දියත උයනට ගොඩවැදුණු අපි දියවන්නා ඔය ඉස්මත්තේ හිඳ සිසිල් සුළඟට අවනත වෙලයි හිටියේ. ඒ සුන්දර මොහොතේ අපේ ඇස් නැවැතුණේ සුන්දර තරුණියකුයි තරුණයකුයි ගාව. හැබැයි එතැන තිබ්බේ සුන්දර ගනුදෙනුවක් නම් නෙවෙයි.

තරුණියයි තරුණයයි අතර වචන හුවමාරුවක්, තරුණියගෙන් තරුණයාට අති වේගකාරී කම්මුල් පාරක්, නොසිතූ සිදුවීමක්. ප්‍රේමවන්තියකගේ මේ තරම් අකාරුණික බවක්. අපේ විතරක් නෙවෙයි අහල පහළ හැමෝගෙම ඇස් යොමු වුණේ එතැනට. මොනවයින් මොනවා වෙයිද? කවුද මේ...? කෙල්ලෙක්ගෙන් කම්මුල්පාරක් කන්න තරම් වෙච්ච වැරැද්ද මොකක්ද? අපේ හිත් අපිටත් කලින් සෝදිසි වුණා.
දෙවියනේ... ඒ අපේ උදාරියි, හේමාලුයිනේ. මොකක්ද දෙන්නගේ සම්බන්දේ. උදාරි ඇයි හේමාල්ට ගැහුවේ. මොකක්ද එතැන වෙච්ච හුටපටය. අපිත් ඉතින් සිද්ධිය අතහැරියේ නෑ. වෙච්ච හුටපටයේ සුලමුල හොයා ගන්න තවත් මහන්සි වුණා.

මෙන්න ටික වෙලාවකින් උදාරියි හේමාලුයි කිසි දෙයක් වුණේ නෑ වගේ හිනා වෙවී අපි දිහාවට එනවා. අනේ... මෙච්චර හරියක් වෙලත් රටේ ලෝකෙට පේන්න මූනිච්චාවට හිනා වෙනවා. මෙහෙමත් දේවල්. නිකන් යැයි මෙයාලට නළු නිළියෝ කියන්නේ. අපිට පේන්න හිනා වුණාට දෙන්නා හිත යටින් තරහ ඇති. අපි අහුවෙයි ඕවාට?
'එයාට ගහලා රිදුණේ මට' එහෙම කියලා උදාරි එයාගෙම අත පිරිමදිනවා. දැනෙන්න ගහන්න කිව්වේ. ඒත් රෝස මලක් .... වැදුණා වගේ...' ඔන්න හේමාල් ඒ ගමන එහෙම කියනවා. උදාරිගෙන් ඉල්ලගෙන ගුටි කන්න තරම් හේමාල්ට තියෙන වුවමනාව මොකක්ද කියලා ඔයාට වගේම අපිටත් හිතුණා. හේමාල් උදාරිගෙන් ගුටි කෑවේ එයාගේ වුවමනාවට නෙවෙයිලු. එහෙනම් කාගෙ වුවමනාවටද කියලා අපි හොයලා බැලුවා.

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ තමයි හේමාල්ට කනේ පාරක් ගහන්න උදාරිට නියෝග කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ ප්‍රියන්ත. ප්‍රියන්තටත් හේමාල් එක්ක පෞද්ගලික කෝන්තරයක්වත් තිබිලාද? අපේ සිතිවිල්ල වැරැදියි. ප්‍රියන්තගේ ආදරණීය කතාවක් අලුත්ම චිත්‍රපටයට තමයි උදාරි හේමාල්ට කම්මුල් පාරක් දීල තියෙන්නේ. උදාරිට මේ වගේ දඩබ්බර වෙන්නත් හේමාල්ට උදාරිගෙන් ගුටි කන්නත් සිද්ධ වුණේ ප්‍රියන්තගේ 'ආදරණීය කතාවට' ඕන විදියට. උදාරිට මේ විදියට දඩබ්බර වෙන්න ට්‍රේනින් එක දීල තියෙන්නේ බිමල් කියලා පස්සෙ තමයි අපිට ආරංචි වුණේ.
උදාරිගෙන් ගුටි කාපු පළිය ගන්න හේමාල්ටත් අවස්ථාවක් ලැබුණා. උදාරි දුවන පස්සෙන් දුවන්න තමයි හේමාල්ට සිද්ධ වුණේ. කතාවේ හැටියට නම් හේමාල්ට උදාරිව අල්ල ගන්න තියා හිතන්නවත් බෑ. ඒත් අන්තිමට උදාරිව පහසුවෙන්ම පහුකරලා ටොක්කකුත් ඇනලයි හේමාල් පස්ස බැලුවේ. හේමාල්ට අමාරු දෙයක් තමයි දුවන එක. ඒකෙ ප්‍රතිඵල තමයි ඔය.

චිත්‍රපටයට සම්බන්ධ වෙන්නම, හිටියට වඩා කෙට්ටු වුණ උදාරි චිත්‍රපටයේ එහෙට මෙහෙට දුවලා තවත් කෙට්ටු වෙලා. පඩිපෙළක දහසය වතාවක් උඩ පල්ලෙහා දුවන එක ලේසි වැඩක්ද? ඒත් ඉතින් උදාරි හාවක් හූවක් නැතිව පඩිපෙළක උඩට පල්ලෙහාට දහසය වතාවක්ම දුවලා වාර්තාවකුත් තිබ්බා. එහෙම වෙලා තියෙන්නේ අධ්‍යක්ෂගේ හිතට හරියනම දර්ශනය රූගත වෙනකන් උදාරිට උඩ පහළ දුවන්න වුණු නිසාලු.
නළුවෙක් වුණාම චරිතයක් වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන් වෙන්න ඕනෙනේ. අනෙක් අය වගේම හේමාලුත් මේ නිර්මාණයට උපරිම කැප වෙලයි ඉන්නේ. ඒ නිසා ජනප්‍රිය ගායකයෙක්ගෙ චරිතයට හැඩ ගැහෙන්නත් එක්ක හේමාල් එයාගේ ස්වරූපයත් වෙනස් කර ගන්න මහන්සි වෙලා. දවස් ගාණක් මහන්සි වෙලා චරිතයට අවශ්‍ය වෙන තාලයට රැවුලත් වවා ගත්තලු. ඒත් ඒ මහන්සිය ගඟේ ගියා. එහෙම වුණේ රූපගත කරන්න කලින් දවසේ රැවුල අවශ්‍ය නෑ කියලා අධ්‍යක්ෂවරයා ඇතුළු කට්ටිය තීරණය කරපු නිසා.

සිනමා නිර්මාණයකින් ආදරණීය වෙනසක් කරන්න ප්‍රියන්ත ගත්ත උත්සාහය ඇතුළේ මේ විදියේ සුන්දර සිද්ධි පිරිලා ඉතිරිලා යනවා. මේ සිනමා සිත්තමේ සුන්දරත්වය රඳවන රංගන ශිල්පීන් මේ නිර්මාණයට සැමරුම් එකතු කරන අපූරුව දර්ශන තලයේ හිටපු හෝරා කිහිපයේදී අපිත් අත්වින්දා.
ගීතමය සිනමා නිර්මාණයක් ලෙස 'ආදරණීය කතාවක්' සිනමා සිත්තම ප්‍රියන්තගේ නිර්මාණ දිවියේ තවත් සුවිශේෂී සටහනක්. බිමල් ජයකොඩි, ශ්‍රී නාත් මද්දුමගේ, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, සුරංගා රණවක යන ප්‍රවීණ රංගන පරපුරට තරුණ පරපුර රොද බැඳුණු තැන ඒ නිර්මාණය ආදරණීය හදවත් බැඳ ගන්න බව නම් ඒකාන්තයි. රුවන් කොස්තාගේ කැමරාවෙනුත්, උවනි චාමිකා ගුණසේකරගේ තිර කතාවෙනුත්, ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයෙනුත් ආදරණීය වුණු 'ආදරණීය කතාවක්' නරඹන්න ප්‍රේක්ෂක ඔබට නුදුරේදීම හැකි වෙයි.

හෝරා කිහිපය ගෙවිලා ගිහින් දියවන්නා ඔයට රාස්සිගේ අවුරැල්ල වැටෙද්දි සුන්දර අත්දැකීම් මුහු වුණ ඒ දර්ශන තලයට සමුදීලා අපි එන්න පිටත් වුණා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායා : අජන්ත ගමආරච්චි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week