-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අභිරහසක්ව පවතින අතුරුදන් වූ MH370 යානය පිළිබඳ සිද්ධි අනුසාරයෙන් අද ග්‍රන්ථයක් එළි දැක්විණි.
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් බුක්ස් (NewSouth Books) සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද එම ග්‍රන්ථය රචනා කර ඇත්තේ, නයිජල් කෝතෝර්න් (Nigel Cawthorne) නමැති ලේඛකයා ය.
එමගින් නිරූපණය කර ඇත්තේ, තායිලන්තය සහ අමෙරිකාව අතර දකුණු චීන මුහුදේදී පැවැත්වූ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් හේතුවෙන් MH370 යානය කඩා වැටුණු බව ය.
යානය කඩා වැටුණු ස්ථානය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ඉදිරිපත් කරමින් සෝදිසි මෙහෙයුම් නොමග යැවූ බවට එම ග්‍රන්ථයෙන් චෝදනා කර තිබේ.
මෙම ගුවන් යානය ත් සමග එහි සිටි 239 දෙනෙක් අතුරුදන්ව සිටිති.
මෙම ඛේදවාචකය පිළිබඳ ග්‍රන්ථයක් එළි දැක්වෙන්නේ, එය සිදුවී දින 71ක් ගතවී තිබියදී ය.
මේ වන තෙක් එම යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට හැකි වී නොමැත.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇති අතර එහි පූර්ව ප්‍රචාරක වීඩියෝව එළි දක්වා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos