කාලෙන් කාලෙට අපේ හීන, අපි කැමැති, අකැමැති දේ වෙනස් වෙනවා. තරුණයෝ, තරුණියෝ විදියටත් ඒ කැමැත්ත ඒ විදියටම තමයි වෙනස් වෙන්නේ. හැබැයි අපි දැන් මේ කතා කරන්න යන දෙයට නම් ගොඩක් තරුණයෝ තමයි කැමැති. හැබැයි ඉතින් තරුණියෝ මේ දේට අකැමැතියි කියන්න නම් අපි ලෑස්ති වෙන්නෙ නෑ. හැබැයි සාපේක්‍ෂ කාරණය තමයි වාහනවලට ගොඩක් කැමැති තරුණයෝ.
වාහන ගැන කතා කරන කොට ලෝකේ හැම රටකටම අලුත් අලුත් වාහන කාලෙන් කාලයට හඳුන්වලා දෙනවා. ඔය කියන මොන වාහනය වුණත් එය තමන්ගේ කර ගන්නේ එයට කැමැත්තක් තියෙන පුද්ගලයෝ විතරයි. සමහරු අද කැමැති වෙන වාහනයට තවත් කාලෙකින් අකැමැති වෙන්න පුළුවන්. අලුත් අලුත් දේවල් එක්ක පරණ දේවල්වලට වටිනාකම අඩු වෙනවා කියන එක වාහන ගැන කතා කරද්දිත් පොදු කාරණයක්. ඔය කියපු වටිනාකමත් එක්ක කාලයට, තාලයට, හැඩට වැඩට එකී මෙකී නොකී හැමදේකටම ගැළපෙන වාහනය තෝරගන්න එක තම තමන්ට භාරයි.
දැන් අපි කතා කරන්න යන්නේ අපිට අලුත් දෙයක් වුණත් ලෝකයේ අනෙක් රටවලට අලුත් දෙයක් නොවුණු වාහනයක් ගැන. ඒ තමයි ලැම්බෝගිනි කාරය. ලැම්බෝගිනි කාරය කියන්නේ ලෝකයේම ස්පොර්ට්ස් කාර් අතර ඉහළින්ම තිබෙන මාදිලි කිහිපයෙන් එක් මාදිලියක්. මම මුලින්ම වාහන ගැන කියපු කතාවත් එක්ක ලැම්බෝගිනි කාරයට විශේෂ කැමැත්තක් තියෙන පිරිසක් ලෝකයේම මේ වෙනකොටත් නිර්මාණය වී අවසන්.
ලැම්බෝගිනි කාරය තමන්ගේ කරගන්න පුළුවන් වෙන්නේ නම් එක පිරිසකට විතරයි. වේගයට වඩාත් කැමැති වෙනත් කෙනෙක්ට මිලදී ගත නොහැකි, එහි වටිනාකමත් එක්ක තමන්ට වටිනාකමක් නිර්මාණය කරගන්නට හිතන සුවිශේෂි වාහනයක හිමිකරුවෙක් වෙන්න කැමැති කෙනෙක්ට තමන්ගේ මූල්‍යමය ශක්තියට ගැළපෙන ලැම්බෝගිනි කාරය තමන්ගේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි හැමෝටම අපි කැමැති දේවල් තමන්ගේ කර ගන්න බැරි බව නම් ඇත්ත. නමුත් ඒ කැමැති දේවල් ගැන දැනගන්න අපිට අයිතියක් තියෙනවනේ. ඒ නිසා ලංකාව ඇතුළේ ලැම්බෝගිනි ගැන ටිකක් හොයලා බලන්න අපිට හිතුණා. මම හිතන්නේ ඔබත් ඔබේ කැමැත්ත ගැන දැනගන්න කැමැති ඇති.
ලැම්බෝගිනි කාර් ලංකාවට ගෙන්වන්නේ මයිකේරා් සමාගම. දැනට ලැම්බෝගිනි කාර් තුනක් ලංකාවට ගෙනත් තියෙනවා. ඒ කාර් තුනෙන් එකක් නම් මේ වෙන කොට මිලදී ගන්න කෙනෙක් සූදානමින් ඉන්නවලු. ඒක ගන්නේ කවුද කියලා ඉතින් පස්සේ දැන ගන්න ලැබෙයි.
ලැම්බෝගිනි කාරයේ Gallardo, Aventador, Veneno කියලා Models තුනක් තියෙනවා. හැබැයි ඉතින් ඔය Veneno කියන model එක දැනටම ලෝකෙම තියෙන්නේ කාර් තුනක් විතරයි. හිතන්න පුළුවන් නේද? ලැම්බෝගිනිවල තරම. ලැම්බෝගිනි කාරය සාමාන්‍ය වටිනාකමක් තියෙන වාහනයක් නෙවෙයි. ලැම්බෝගිනියේ ගාණ ටිකක් නෙමෙයි ගොඩක් සැරැයි. අපිට ගාණ සැර වුණාට ඒක සමහරුන්ට ඒ තරම් ගාණක් නෙවෙයි. කොහොම වුණත් ලැම්බෝගිනිය ලෝකෙම පිළිගත් වාහනයක් බවට පත්වෙන්නේ ලැම්බෝගිනියේ වටිනාකම තත්ත්වය, මාදිලිය, එන්ජින් ධාරිතාවය කියන කාරණයත් එක්කනේ.
ලැම්බෝගිනිය ගැන ඔය වටින් ගොඩින් හොයලා බලන සමහරුන්ට ඒකේ ගාණ අහලා ඉහ මොළ රත්වෙනවනේ. අපිත් ඉතින් ලැම්බෝගිනි මෙහෙම ගණන් උස්සන්න හේතුව මයිකේරා් කාර් සමාගමේ වෙළෙඳ සාමාන්‍ය කළමනාකරු අනුෂ්ක පුලන්ඕවිටගෙන් අහලා බැලුවා.
“ලැම්බෝගිනි හදන්නේ යන්ත්‍රවලින් නෙවෙයි. ලැම්බෝගිනිය පොඩි පොඩි කොටස් අතින්ම සකසලා තමයි ලැම්බෝගිනිය හැදෙන්නේ. ඒකත් එක්ක මේ වාහනයට තියෙන වටිනාකම වැඩියි. ඒ නිසා ලැම්බෝගිනිය හොඳ තත්ත්වයකින් නිමවෙනවා. උසස් ගණයේ නිමාව ලැම්බෝගිනියේ වටිනාකම වැඩි වෙන්න බලපා තියෙනවා.
ලැම්බෝගිනියේ එන්ජින් ධාරිතාවත් මෙහි විශේෂත්වයට එක හේතුවක්. මෙහි එන්ජින් ධාරිතාවය 5,200 සිට 6,500 දක්වා තිබෙනවා. ලැම්බෝගිනියේ මාදිලිය අනුව වේගයේ ප්‍රමාණය වෙනස් වෙනවා. horse power (අශ්වබල) 550 මාදිලියේ 0km සිට 100km දක්වා වේගය තත්්පර 4.20ක් වශයෙන්ද ඥමඥදබචඤධප මාදිලියේ 0km සිට 100km දක්වා වේගය තත්පර 2.9ක්ද වෙනවා. වේගයට වඩාත් කැමැත්තක් දක්වන අයට මේ විදියට ලැම්බෝගිනිය විශේෂ වෙනවා.
ලැම්බෝගිනි කාරයේ ඇතුළත නිර්මාණය පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස සකස් කර ගැනීමටත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාට අවශ්‍ය වර්ණ සංයෝජනයන්ගෙන් ලැම්බෝගිනි කාරයෙහි ඇතුළත අලංකරණය කර ගැනීමට හැකියාව පවතිනවා. ලැම්බෝගිනි සමාගම සිය පනස්වන සංවත්සරය සැමරීමත් සමඟ ලැම්බෝගිනි නිර්මාණයන්වල වෙනසක්ද සිදු වී තිබෙනවා.
ලෝකයේ සුපිරිම කාර් අතරින් ලැම්බෝගිනි කාරය මෙලෙස සුවිශේෂි තැනකයි තියෙන්නේ. වේගයට වඩාත් කැමැති ඔබට කාලයෙන් කාලයට ලැම්බෝගිනියේ නව හැඩ ගෙන එන ලැම්බෝගිනි සමාගම නව වසරෙදිත් අලුත් නිර්මාණ ඔබ වෙනුවෙන් ගෙන ඒවි. ඔබේ වේගය ලැම්බෝගිනිය මත නිදහස් කරන්න ඔබත් සූදානම්ද?
තිළිණි කෞශල්‍යා විජේසිංහ