මාතලේ ප්‍රකට පාසැලක 12 වසර ඉගනුම ලබන සිසුවෙකු සඳුදා (19) දහවල් පිහි ඇනුම් කා බරපතල කැපුම් තුවාල සහිතව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇත.
ප්‍රේම සබදතාවක් මුල්කර ගනිමින් ඇතිවූ ආරාවුලක් හෙතුවෙන් ඔහුට පිහියෙන් ඇන බරපතල ලෙස තුවාලකර ඇති බවත්රෝහල් ගත කල සිසුවා හදිසි සැත්කමකට යොමුකර ඇති බවත් මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.
උදර ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව රෝහල් ගත කළ සිසුවා මලිත් ගුරුගේ නමැත්තෙකු බවට හදුනා ගෙන තිබේ . විවේක කාලයේදී පන්ති කාමරයෙන් බැහැරව සිටඇති සැකකරු බවට හඳුනා ගත් සිසුවාට තුවාල ලැබූ සිසුවා විසින් කම්මුලට පහරදී ඇති බවත් ඉන් අනතුරුව පහර කෑ සිසුවා පෙරලා පිහියෙන් ඇන ඇති බවත් මූලික විමර්ශණයේදී අනාවරණයවී ඇති බව පොලිසිය කියයි.