අද සහ හෙට පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයට සහභාගී වන්නැයි ආණ්ඩු පක්‍ෂයේ සියලූම මන්තී‍්‍රවරුන්ට නියෝග කර තිබෙනවා. ඒ හේතුවෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ සියලූ විදේශ ගතවීමද තහනම් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මෙහිදී කුමන තීරණයක් ගනීවිදැයි මාධ්‍යවේදීන් යොමුකළ ප‍්‍රශ්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.