-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජර්මනිය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරමින් වර්ෂ 2011 හි ආරම්භ කරන ලද ලංකා රේඩියෝව අද වනවිට එරට ශ්‍රී ලාංකිකයන් අතරේ ඉමහත් ජනප්‍රිය නාලිකාවක් බවට පත්වී තිබේ. බටහිර රටක් වන ජර්මනිය තුළ රසවින්දනය සඳහා විවිධ මාධ්‍ය හා බොහෝ පහසුකම් තිබුණද තම මව් බසින් ඇසෙන හදවතට දැනෙන වැඩසටහන්වලට සවන්දීමේ අවස්ථාවක් ලංකා රේඩියෝව ආරම්භ කරන තුරුම නොපැවතිනි. ජර්මනිය ඉලක්ක කොට ආරම්භ කරන ලද නාලිකාවක් වුවද මේ වන විට එය ලෝකය පුරා විසිරී සිටින ශ්‍රාවක ප්‍රතිචාර දිනාගැනීමට සමත් නාලිකාවක් බවට පත්වී තිබේ.
ලංකා රේඩියෝව මගින් සංගීත වැඩසටහන්, කාලීන වැඩසටහන්, සජීවී සම්මුඛ සාකච්ඡා, අධ්‍යාපන හා විනෝදාත්මක වැඩසටහන් ඇතුළු පුළුල් පරාසයක වැඩසටහන් විකාශය කෙරේ. මෙහි වැඩසටහන් නිවේදක රන්ජන් ධර්මරත්න විසින් සිදුකෙරේ. ඔහු ශ්‍රී ලංකාවේ මහනුවර ඉපිද කුඩා කල පටන් කලා කටයුතුවල නියැළී
කලාවම සමග ජීවත් වූ අයෙකි.  විශේෂයෙන්ම එහුගේ කුඩා කාලයේද තිබූ එකම විද්‍යුත් මාධ්‍ය වන ගුවන්විදුලිය කෙරේ සිත බැඳගත් ඔහු ගුවන් විදුලියෙන් තමන්ට ඇසෙන දේ එලෙසින්ම අනුකරණය කරමින් තම පාස‍ලේ ගුරුවරුන්, මිතුරන්, අසල්වැසියන් අතර ජනප්‍රියත්වයට පාත්‍රවී සිටියේය. නිවේදකයකු වීමේ තම සිහිනය රන්ජන් ධර්මරත්න සැබෑ කරගත්තේ ජර්මනිය කේන්ද්‍ර කොට ලොව පුරා ව්‍යාප්ත කළ ලංකා රේඩියෝව මගින්ය.
ආරාධිත නිවේදකයින් ලෙස විශේෂයෙන් තුෂාරි ඇතුළු ලාංකික පිරිසකගේ සහයෝගය ලබා ගනී. එමෙන්ම නාලිකාවේ විකාශන කටයුතුවලට දායක වන ජර්මන් ජාතිකයන්ට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට රංජන් ධර්මරත්න මහතා සතුටු බව ප්‍රකාශ කළේය.
මෑත කාලයේ විකාශය කළ වැඩසටහන් ගැන විමසීමේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද, ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කළ හඬක් ලෙස හඳුන්වා දිය හැකියි. එසේම මෑත යුගයේ කළ වැඩසටහන් අතරට එක් වූ කලාකරුවන් වන්නේ ධර්මසිරි බණ්ඩාරනායක, ඩී.ජේ. අක්‍රම්, උදය ශ්‍රී, කාන්චනා සඳමාලී, සනත් දේවප්‍රිය, චන්දන වික්‍රමසිංහයි. එසේම ලංකාවේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන්ට උපහාර පිණිස විකාශය කළ වැඩසටහන් අතරට බණ්ඩාර අතාවුද මහතාගේ සංගීත දිවිය සඳහා විකාශය කළ වැඩසටහන් හා කරුණාරත්න අබේසේකර, ගුණදාස කපුගේ, එච්.ආර්. ජෝතිපාල, ලතා වල්‍පොල, විජය කුමාරතුංග සහ තවත් බොහෝ අයගේ වැඩසටහන් නම් කළ හැකියි.
ජර්මනියේ ඩ්‍රාම්ස්ටාර්ඩ් නගරයෙන් එෆ්.එම්. තරංග මාලා 103.4 ර්ඩ්ල ඛිචඡඥත තරංග 99.85 මගින් සෙනසුරාදා ට්ඥපථචදර වේලාවෙන් දහවල් 1.00 සිට 3.00 දක්වා සජීවී වැඩසටහනට සවන්දීමට ඔබට හැකිය. මෙසේ ගුවනට මුසු වන ලංකා රේඩියෝව ඩබබන://ඹඹඹ.පචඤඪධඤචපථඵබචඤබ,ඤඥ/ වබේ අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ලොවේ කොතනක සිටියත් ඔබට සවන්දීමට පිළිවන.
එමෙන්ම ලංකා රේඩියෝ විශේෂ දුරකථන අංකය, ස්කයිප් ලිපිනය වන තචදඬචපචඤඪධ හරහා ඔබටත් ලංකා රේඩියෝව හා සම්බන්ධ විය හැක. ඔවුන්ගේ විද්‍යුත් ලිපිනය තචදඬචපචඤඪධ@ධභබතධධඬ.ජධථ වන අතර, පසුගිය වැඩසටහන්වලට සවන්දීම සඳහා ඹඹඹ.ථඪයජතධභඤ.ජධථ/තචදඬචපචඤඪධ අඩවිය හරහා ද පහසුකම් සපයා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos