-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහනුවර මහ රෝහලේ හෙද වර්ජනය පවතින අවස්ථාවේ ගැබිනි මවක දරු ප්‍රසූතියේදි මිය යෑම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් සෙනසුරාදා (03දා) දින අලුයම 04ට පමණ මහනුවර මහ රෝහලේ දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටි රේණුකා දමයන්ති නම් වූ 35 හැවිරිදි දෙදරු මවක් මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් එක් පරීක්ෂණයක් හා රෝහල් මට්ටමින් තවත් පරීක්ෂණයක්ද පැවැත්වෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

අධික රුධිරය පීඩනය හා රුධිරය වහනය වීම යන තත්ත්වයන්ගෙන් පෙළුණ බව සඳහන් වන මිය ගිය කාන්තාව මයිලපිටියේ සිට 03 වැනි දින අලුයම 02ට පමණ මහනුවර මහ රෝහලට ගෙන ආ බව පැවසෙන අතර දරුවා අධික ලෙස වර්ධනය වී තිබීම හේතුවෙන් සිසේරියන් සැත්කමකට භාජන කළ යුතු වුවද ස්වාභාවික අයුරින් ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී මව මරණයට පත්ව ඇති බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ මරණය හා හෙද වර්ජනය අතර සම්බන්ධයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ තමන්ට සෘජු පිළිතුරක් ලබා දිය නොහැකි බවත් සිදු කෙරෙන පරීක්ෂණයන් මඟින් සිද්ධිය පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළිවනු ඇති බවත්ය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මධ්‍යම පළාත් සම්බන්ධිකාරක ශාන්ත ඉලන්දර මහතා පැවැසුවේ මෙම ගැබිනි කාන්තාවගේ මරණය හා හෙද වර්ජනය අතරේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් සිදුකරන සියලු කටයුතු වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරෙන්නක් බවත්ය.
මව මිය ගියද ප්‍රසූත කළ පිරිමි දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද මහනුවර මහ රෝහල් පාලනාධිකාරිය සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos