-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


යාපනය අච්චුවේලි කදිරිප්පාය ප්‍රදේශයේ අඹු සැමි ආරවුලක් මත බෑනා විසින් එකම පවුලේ පස් දෙනකුට කඩුවකින් කපා කොටා ඉන් තිදෙනකු ඝාතනය කරනු ලැබ තිබේ.එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි නැන්දණිය වන පතිත්කුනානන්දන් අරුනායකී, නෑනණ්ඩිය වන 27 හැවිරිදි යශෝධරන් මධූෂා සහ මස්සිනා වන 19 හැවිරිදි තිත්කුනනාදන් සුභාංගන් නමැත්තන්ය.

කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබ ඇත්තේ බෑනාගෙන් වෙන්වී සිටි ධනංජයන් ධර්මිකා සහ මස්සිනා කෙනකු වන ටී. යසෝදරන් නමැත්තන් බව අච්චුවේලි පොලිසිය පැවැසීය.
පෙරේදා රාත්‍රි ත්‍රිරෝද රථයකින් එම නිවෙසට පැමිණ ඇති සැකකාර බෑනා ඔහුගෙන් වෙන්වී සිටින බිරිය සමඟ බහින් බස් වීමේදී එම ආරවුල දුරදිග යෑමෙන් මෙම අපරාධය සිදුවී ඇති බව පොලිසිය පැවැසීය.

යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ මෙම ත්‍රිත්ව ඝාතනයෙන් පසු පලාගොස් සිටි සැකකරු ඊයේ අලුයම කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඝාතනයට යොදාගත් කඩුවද සොයාගෙන ඇති බවයි.

බරපතළ තුවාල සිදුවූ අච්චුවේලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනා ඊයේ යාපනය රෝහලට මාරුකර යවා තිබේ.
යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්වූ බවද අච්චුවේලි පොලිසිය පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි කැඳවීම් අංශයට ලැබුණ දුරකතන ඇමැතුමක් මත ඊයේ අලුයම 1.30ට පමණ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්වූවන්ගේ සහ තුවාල ලැබූවන්ගේ නිවෙස අච්චුවේලි පොලිසිය විසින් සොයාගන්නා ලදී.
යාපනය අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos