ලොක්‌කෙක් කිව්වහම ලංකාවේ අපේ සිතේ බොහෝ විට මැවෙන්නේ ගාම්භීර විදිහට ටයි පොල්ලක් ගැට ගහගෙන, කාර්යාල බෑග් එකක් එල්ලාගෙන, දන්නවා නම් ඉංගී්‍රසි පමණක් කථා කරන, පොඩි මිනිහෙක් තමන් ළගට පැමිණියේ නම් ඔහුට පුප්පන සහ බලවන්තයෙක් හමුවේ නිවට නියාලූව හැසිරෙන කෙනෙක්‌ගේ රූපයකි. ගමන් බිමන් යන්නට රජයේ වාහනයක් තිබීමද ලොක්‌කෙකුගේ තවත් ලක්‌ෂණයකි. මම කියන්නට යන කථාවත් ලොක්‌කෙක් ගැනය.
මම ජපානයේ තානාපති කාර්යාලයේ සේවය කරන අවධියේ අපේ ඇමතිවරයෙක් එරටට සැපත්වූයේය. මට භාරවූ වගකීමක් වූයේ ඒ ඇමතිතුමා හමුවීම පිණිස ඔහුගේ කාමරයට පැමිණෙන අය සුහදව පිළිගෙන ඇමතිතුමා හමුවට පැමිණවීම සහ අවශ්‍ය නම් ජපන් භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කිරීමයි.
එදා අපේ ඇමතිතුමා හමුවීමට පැමිණියේ ජපානයේ ප්‍රධාන පෙළේ රජයේ ආයතනයක් භාරව සිටින ප්‍රධානියෙකි. ජපානයේ සම්භාවනාවට පත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ එතුමා හතරවතාවක් ජපානයේ තානාපතිවරයකු ලෙස විදේශ රටවල සේවය කර තිබුණේය.
දෙදෙනා අතර හමුව අවසානයේ අපේ ඇමතිතුමා මට කියා සිටියේ මේ ප්‍රභාමත් සම්භාවනීය නැණවතා ඔහුගේ කාරය දක්‌වා ගිහින් ඇරලවන ලෙසයි. ඒ අනුව මම ඔහු සමග හෝටලයේ විදුලි සෝපානයේ නැග ගත්තෙමි. වාහන නැවතුම් ස්‌ථානයට යනවා වෙනුවට ඔහු බොත්තම එබුවේ හෝටලයේ පහළම මහලින් ඇති උමං දුම්රිය ස්‌ථානයේ දොරටුව වෙත යන්නටය. මා සිතුවේ ඔහුට වැරදීමක් සිදුවූ බවයි.
ඇයි පහළට ආවේ? කාර් එක ඇත්තේ අනිත් හෝටලය ඉස්‌සරහා නොවේද? මම විමසුවෙමි.
නැහැ මම ආවේ දුම්රියෙන්. මම විපිලිසරව ඔහු විමසීමි.
දුම්රියෙන්… ඔබ වැනි කෙනෙක්?…
“තෝකියෝ නගරයේ ඇති වාහන තදබදය ඔබ දන්නවානේ. කාලය අපතේ යනවා. වැඩක් නැතිව තෙල් පිච්චෙනවා. දුම්රිය ලාභයි පහසුයි. මට තවත් වැඩ කීපයකට දුම්රියෙන් ගියහම ලෙහෙසියි.”
මා ඔහුට සමුදුන්නේ ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගැනීමෙන් පසුවයි. මෙවන් අය බොහෝ දෙනෙක් මට ජපානයේදී හමුවිය. සමහර අවස්‌ථාවක දුම්රියේ යන මංත්‍රීවරු ඇමතිවරු දැක ඇත්තෙමි.
ජපානයේ දියුණුවට පදනම් වූ මෙම ආකල්පවල ගාම්භීර ස්‌වරූපය පිළිබ`ද මම තවම කල්පනා කරමි.
රංජිත් ගුණරත්න
දිවයින පුවත්පත
දිවයින පුවත්පත