ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් රට බීම හලකට ලබාදී මත් පැන් ලබා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
උහන ප්‍රදේශයේ රට බීම හලකට මෙලෙස සැකකරු විසින් ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් ලබා දී ඇති අතර එහිදී එහි කළමණාකාරවයාට ඇතිවූ සැකයක් මත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.