-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සියලුම රාජ්‍ය සේවයන්ට දේශීය රෙදි වලින් නිම වූ නිල ඇඳුමක් ලබා දීමට රජයේ පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.
ඒ සඳහා ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව පේෂ කර්මාන්තය විශල වශයෙන් සංවර්ධනය කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අත්යන්ත්‍ර පේෂ ගම්මාන පිහිටුවාලීමේ ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 3.8ක වියදමින් ඉදි කරන ලද සබරගමුව පළාතේ දෙවන පේෂකර්ම ගම්මානය ලෙස කෑගල්ල , රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුනුමාල පේෂකර්ම ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයෙදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ කීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද මෙම පේෂකර්ම ගම්මානයෙන් සාර්ථකව පුහුණුව නිම කරන ලද පුහුණුලාභීන් ස්වයංරැකියා ලාභීන් ලෙස බල ගැන්වීම සඳහා අත්යන්ත්‍ර 25ක් හා අමතර උපාංග රැසක් බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.

විවෘත ආර්ථිකයත් සමඟම යම් තාක් දුරක කඩා වැටීමක් ඇති වුණත් වර්තමානය වන විට පේෂකර්ම නිෂ්පාදන සඳහා දේශීයව මෙන්ම විදේශීයව ද විශාල ඉල්ලුමක් පවතින බව කී පෙරේරා මහතා මෙවැනි කර්මාන්ත දියුණු කිරීමෙන් ග්‍රාමීය ජනාතවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ග්‍රාමීය කාන්තාව සක්‍රීය ලෙස ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එක් කර ගැනීමට හැකියාව ලැබෙන බවද කීය.

දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට රැගෙන යාමට යමින් ඉදිරියේදී සෑම රාජ්‍ය ආයතනයකම දේශීය ඇඟළුම් භාවිතයෙන් නිෂ්පාදිත නිල ඇඳුමක් හඳුන්වා දීමට අදහස් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos