වෙසක් සතිය තුළ ගාලු මුවෙදාරපිටියේ නවතා තිබූ ත්‍රිරෝද රථ තුනක් සොරාගෙන ගොස් ඇති බව කොටුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ත්‍රිරෝද රථවලින් ගාලු මුවෙදාරපිටියට පැමිණ ත්‍රිරෝද රථ නවතා විවේක ගන්නා අවස්ථාවේ එහි සුවිච් වල වයර් ගලවා ත්‍රිරෝද රථ රැගෙන ගොස් ඇත.
මීට අමතරව ගාලු මුවෙදාරපිටියේ නවතා තිබූ මෝටර් රථ දෙකක තිබූ රන් ආභරණ සහ ලැප්ටොප් යන්ත්‍රයක් සොරකම්කර ඇති බව එම පොලිස් නිලධාරියා පැවැසීය.
මේ සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශන සිදුකරයි.