-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත්ගම දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අද අළුයම සිදු වූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඒ.ඞී.ජී සෙනෙවිරත්න මහතා ගාල්ලේ සිට ධාවනය කෙරුණු ඉන්ධන ප‍්‍රවාහන දුම්රියේ රියදුරාද ඒ අතර වන බවයි. මීට අමතරව රියදුරු සහයකවරයා, ප‍්‍රධාන නියාමකවරයා සහ උප නියාමකවරයාද වැඩ තහනම් කළ පිරිසට අයත්. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ අලුත්ගම දුම්රිය ස්ථානයේ රාජකාරී කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ ද වැඩ තහනම් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පැවසුවේ එම අවස්ථාවේ රාජකාරියේ නිරත වු සේවකයින්ගේ නොසැලකිල්ල අනතුරට හේතුව බවයි.

" මට ගැටළුවක් පේනවා. දුම්රිය ස්ථානාධිපතිවරයාගේත් දුම්රියේ කාර්යය මණ්ඩලය දෙකේම. හේතුව, බැලූ බැල්මට කියන විදිහට පෝලෝල් සංඥාව, එහි අර්ථය, ඔබ පරිස්සමෙන් එන්න, මේ ඔබ කැඳවන්නේ මොකක් හරි තවත් දුම්රියක් හෝ එන්ජිමක් තියෙන මාර්ගයකටයි කියන එක. ඒ කියන්නේ, ඒක බලාගෙන බොහොම හෙමින්, පරිස්සමෙන් එන්න  ඕනි එකක්. දෙවෙනි එක, මේ සංඥාව දිපූ විදිහ නිවැරදිද කියන එකෙන් ගැටළුවක් අපිට පේනවා. අපි මේකට පරීක්ෂණ කරනවා. ඒ අයගේ වැඩ තහනම් කරනවා. මට වෙන කරන්න දෙයක් නෑ. දැනගන්න  ඕනි, තමුන්ගේ රාජකාරියට අවනත වෙන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න සේවකයින් භාගයක් අඩුවෙන තරමට වැඩ තහනම් කර කර යමු. එතකොට හොඳට වැඩකරන භාගේ ඉතුරු වෙයි. "

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ අද අළුයම 12.50ට පමණයි. අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබු මරදාන බලා පැමිණිමට නියමිතව තිබු දුම්රියේ පිටුපස, ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

පසුව නවතා තිබූ දුම්රියේ මැදිරියක් පිලිපැනීමට ලක් වූ අතර දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගමනාගමන කටයුතු අද පෙරවරුවේ යථාතත්ත්වයට පත් කළා.

මෙම අනතුර සිදුවූයේ පොතුහැර දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී සතියක් සම්පූර්ණවල අද දිනයේදී වීමද කැපී පෙනන සිද්ධියක්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos