-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන් 320 ක්‌ම පාසල් සිසුන් - මගීන් 180 ක්‌ දැනට බේරාගෙන!
විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ඇමරිකානු යුද නැවක්‌ හා වෙනත් නැව් කීපයක්‌ද එම ස්‌ථානයට ගොස්‌ ඇත. එහෙත් පැය දෙකක්‌ තුළදී නැව මුළුමනින්ම ගිලීගොස්‌ තිබේ.


පාසල් සිසුන් ඇතුළු මගීන් 476 ක්‌ රැගත් සිවොල් නමැති නෞකාව ඊයේ දකුණු කොරියානු මුහුදේ ගිලීයැම නිසා තිදෙනකු මියගොස්‌ 104 ක්‌ අතුරුදන් වී ඇත.

තිදෙනකු මියගොස්‌ ඇතැයි කියන්නේ දැනට මළ සිරුරු හමුවී ඇත්තේ තිදෙනකුගේ පමණක්‌ නිසාය.

මෙම නැවේ සිටි අයගෙන් 320 ක්‌ පාසල් සිසුහු වෙති. මගීන් 180 ක්‌ බේරාගත් බව දකුණු කොරියානු ප්‍රවෘත්ති සේවාව හෙළි කළේය.

මෙම සිවොල් නැව ගිලීයැමට මුල්වූ හේතුව මෙතෙක්‌ හෙළි වී නැතත් දිවි ගලවාගත් පාසල් සිසුවෙක්‌ පැවසුවේ නැවේ පතුලින් විශාල ශබ්දයක්‌ ඇසුණු බවත් එකවරම නැව පෙරළුණු බවත්ය.

විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ඇමරිකානු යුද නැවක්‌ හා වෙනත් නැව් කීපයක්‌ද එම ස්‌ථානයට ගොස්‌ ඇත.

එහෙත් පැය දෙකක්‌ තුළදී නැව මුළුමනින්ම ගිලීගොස්‌ තිබේ.

දිවි ගලවා ගත් සංඛ්‍යාව ගැන මෙතෙක්‌ නිශ්චිත තොරතුරු කිව නොහැකි යෑයි දකුණු කොරියානු වෙරළාරක්‍ෂක නිලධාරීහු පැවසූහ.

මේ අතර නැවේ සිටි මගීන්ගෙන් පිරිසක්‌ සිරවී ඇති බවට සැක කෙරේ.

නැවේ සිටි පිරිස ගලවා ගැනීමේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මක වන බව දකුණු කොරියානු රජය කියා සිටී.

මෙම නැවේ සිටි සිසුන්ගේ මවුපියන් ජංගම දුරකතනවලින් එකී සිසුන් අමතන බවත් එහෙත් නිසි ප්‍රතිචාරයක්‌ නැති බවත් දකුණු කොරියානු මාධ්‍ය කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos