-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බාලවයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කනුවක බැද පහරදීමේ සිද්ධියක්  රිදීගම - පිහිඹුව - මාල්බේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ශරීර ඇප මත මුදා හැර ඇති බවයි. මෙම පහර දීම සිදුව තිබෙන්නේ පිහිඹුව - මාල්බේවත්ත ප්‍රදේශයේ පිහිටි ලයිම් කාමර පෙළක් ආසන්නයේදීයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අවුරුදු 12 - 15 ත් වයසැති ගැහැණු දරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ නිවසට යාබද නිවසේ ගෙහිමියා, බිරිද සහ දියණිය එක්ව මෙම පහර දී ඇත්තේ ඔවුන්ව නිවසේ රූපවාහිනී ඇන්ටනා කනුවක ගැට ගැසීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එහි පැමිණි පිහිඹුව ග්‍රාම නිලධාරී ජයසිංහ හදුන්ගොඩ මහතා දැරියගේ බැමි ලිහා දැමුවා. අනතුරුව දැරියන් දෙදෙනා ප්‍රතිකාර සදහා රිදීගම ප්‍රදේශීය රෝහලටත් පසුව ගෝනිගොඩ ග්‍රාමීය රෝහලටත් ඇතුළත්  කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගෙහිමි කාන්තාව සහ ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන  රම්බඩගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක ශරීර ඇප දෙකක් මත අද මුදාහැර ඇති බවයි.

Hiru news

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos