ගුවන් යානයක රෝද රඳවනය (wheel well) තුළ කැලිෆෝනියා සිට හවායි දක්වා ගුවනින් ගිය 16 හැවිරිදි ශිෂ්‍යයෙකු පිළිබඳව අද මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
පැසිෆික් සාගරය උඩින් අඩි 38000ක් පමණ උසින් මෙම යානය පියාසර කර ඇති අතර එය හවායි ගුවන් සමාගමට අයත් යානයකි.
හවායි ගුවන් සමාගමේ බලධාරීන් පවසන්නේ, එම තරුණයාට ආශ්වාස කිරීම සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් ද නොතිබී ඇති බව ය.
කෙසේ වෙතත්, මෙම සිසුවා නිරූපද්‍රිතව සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
අමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යංශය පැවසුවේ, අදාළ තරුණයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව ය.
අදාළ සිසුවා සන්තකයේ තිබී ඇත්තේ, පනාවක් පමණි.
පැය 5කට අධික කාලයක් පියාසර කළ එම ගුවන් යානය හවායි ගුවන් තොටුපොළට ළඟා වන විට එම සිසුවා සිහිසුන්ව සිට තිබේ.
ඔහුගේ ජීවිතය බේරීම ආශ්චර්යයක් බව පවසන අමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක ටිම් සයිමන් සඳහන් කළේ, පළමුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බලා පසුව නීතිමය කටයුතුවලට යොමු වන බව ය.