-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ මුලිකව ක්‍රියාත්මක කරන බවට අනාවරණය වී ඇති වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඉන්දීය පොලිසියේ විශේෂ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙන්ම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බව හයිද්‍රබාද් පොලිසිය පවසයි. 

ඉකුත් මාර්තු මාසයේදී වකුගඩු ලබා ගැනීමක දී ඉන්දීය ජාතික තරුණයෙකු මියගිය බවට වාර්තාවූ සිද්ධියට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන විමර්ශන වලදී මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වු බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. 

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියානුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වන්නේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඩී.එස් පවන් ශ්‍රීනිවාස් සහ එන්.වෙන්කටේෂන්ය. 

ඔවුන් දෙදෙනාගෙන් පවන් ශ්‍රීනිවාස් කලකට ඉහතදී ‘මොනික්‘නමින් හඳුන්වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයා සමග එක්ව පළමුව තමාගේ වකුගඩුව අලෙවි කොට පසුව ඉන්දියාවට පැමිණ එකී ජාවාරම අඛණ්ඩව කරගෙන යාම සඳහා ඉන්දියාවෙන් පුද්ගලයින් සපයන ලද කෙනෙකු බව අනාවරණය වී තිබේ. 

එලෙස ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු සැකකරුවන් විසින් කොළඹට යොමු කර ඇති බවත්, එයින් ඇතැම් පිරිස් ස්වකීය වකුගඩු අලෙවිකර ඇතිවා සේම තවත් කිහිපදෙනෙකු වකුගඩු ඉවත්කර ගැනීමට අකමැත්ත පළ කර ආපසු ඉන්දියාවට ගොස් ඇති බව සඳහන් වේ. 

මෙම ජාවාරම්කරුවන් විසින් වකුගඩු ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 - 15ත් අතර මුදලක් වකුගඩු දායකයා වෙත ලබා දෙන අතර එම වකුගඩු රුපියල් 30ත් 50ත් අතර මුදලකට මෙරට රෝහල්වලට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ. 

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් වකුගඩු විකිණීමට කැමති පුද්ගලයින් ඉන්දියාවෙන් සොයාදෙන අතර එලෙස කැමැත්ත පළ කරන පුද්ගලයින් කොළඹට ගෙන්වා අදාළ කොළඹ වෛද්‍යවරයා විසින් වකුගඩු ලබා ගැනීමට අදාළ ශල්‍යකර්ම‍ සඳහා ඔවුන් යොමු කරන බව දැක්වෙයි. 

ඒ අනුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් වකුගඩු ජාවාරමට පුද්ගලයින් සොයා ගැනීම සඳහා වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධියට පත්කිරීම මෙන්ම විවිධ වෙබ් අඩවි, ෆේස් බුක් වැනි සමාජජාල වෙබ් අඩවි භාවිතා කිරීමද සිදුකර ඇති අතර පූනෙයි,මුම්බායි,අහමදාබාද්,හයිද්‍රබාද්,බුබානේස්වර්,කුරුකෙස්ට්‍රා ආදී පෙදෙස් වල ඒජන්තයින්ද යොදාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. 

කෙසේ වෙතත් ඉකුත් මාර්තුවේදී ඉන්දීය තරුණයෙකු වූ දිනේෂ් මාරු නමැති පුද්ගලයාගේ සැක සහිත මරණය වෙනුවෙන් මෙම පරීක්ෂණ ආරම්භ වුවද දැනට අනාවරණය වී ඇති කරුණු අනුව හෙතෙම වකුගඩුව අලෙවිකිරීම සඳහා කොළඹ පැමිණ ඇතත් ඒ වෙනුවෙන් සූදානම්ව සිට ඇතත් මරණයට පත්ව ඇත්තේ අදාළ ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ නොවන බව අනාවරණය වී ඇත. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත්වූ මාරු එදින අරාම් සාගර් නැමති තවත් ඉන්දීය මිතුරෙකු සමග මුහුදු වෙරළට ගොස් අධික ලෙස බීමත්ව හා දුම්පානය කිරීමෙන් වමනය කිරීමට පටන් ගැනීමත්, හුස්ම ගැනීමේ අපහසුතාවට පත්වීමත් නිසා හදිසියේ රෝහල් ගත කෙරුණු බවත්, එකී රෝගී ලක්ෂණ උත්සන්න වීමෙන් හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට පත්වූ බවත් මේවන විට තහවුරුවී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. 

එමෙන්ම මාරු සමගම ස්වකීය වකුගඩුව අලෙවි කිරීම සඳහා ලංකාවට පැමිණ මාරු රෝහල් ගත කළ දිනයේ තම වකුගඩුව ඉවත්කරලීම වෙනුවෙන් ශල්‍යකර්මයට භාජනය වූ මාරුගේ මිතුරෙකු වන බටහිර ගොදවාරි ප්‍රදේශයේ පදිංචි කිරාන් කුමාර් මේවන විට යළි ගම්බිම් බලා ගොස් තිබේ. 

තමන් ශල්‍යකර්මයකින් තම වකුගඩුව විකිණූ බවත්, ඒ වෙනුවෙන් ලක්ෂ 3.9 ක මුදලක් තමාට ලැබුණු බවත් කිරාන් කුමාර් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ දැක්වෙයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos