-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනවසර මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් මුර සංචාරක යාත්‍රාවක් අද(24) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අදාළ යාත්‍රාව කොළඹ වරායට ළඟා වන බවයි. 

අනවසර මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රජයට විශේෂ මුර සංචාරක යාත්‍රා 02ක් ලබා දීමට එකගවී තිබුණි. 

ඒ අනුව ඉන් එක් යාත්‍රාවක් පසුගිය දා ඔස්ට්‍රේලියාවේ ක්යාන්ස් නගරයේ පැවති උත්සවයකදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාට ඔස්ට්‍රේලියානු රජය විසින් නිල වශයෙන් බාර දෙනු ලැබුණි. 

අදාළ යාත්‍රාව අද දිනයේ මෙලෙස දිවයිනට ළඟාවීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය. 

එම යාත්‍රා සතු වේගය ආවරණය කළ හැකි දුර ප්‍රමාණය සහ ඒවා සතුව ඇති ආවේක්ෂණ පද්ධතිය අනවසර මිනිස් ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් සාර්ථක කර ගැනීමට උපකාර වන බව නාවික හමුදාව වැඩිදුරටත් පවැසීය.‍ 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos