-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එංගලන්තයේ මාධ්‍යවේදියෙකු වන ඔහු බ්‍රයන් ස්මිත්ය. ලක්බිමට පය තිබ්බේ සංචාරකයෙක් විලසිනි. ඔහු නුවරඑළියේද සංචාරය කළේය. සංචාරක හෝටලයක උණුසුම් තේ කෝප්පයකින් ඔහු උණුසුම් වූයේය. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය මොන තරම් ලස්සනද? සංවේදීද අහිංසකදැයි ඔහු සිතුවේය. ඇය දේවිකාය.
අවසානයේ ඔව්හු යළි ඈත් නොවන සුපෙම්වත්තු වූහ. බ්‍රයන් එංගලන්තය බලා පිටත් වෙන්නට දේවිකාගෙන් සමුගත් මොහොත අතිශයින්ම හැඟීම්බරය.
ඉක්බිති ඔවුන් සම්බන්ධ වූයේ දුරකථනයෙන්ය. ඊට අමතරව ආදරය තැවරුණු දිගු ආදර හසුන්ද ලිව්වෝය.
බ්‍රයන් පුරා වසරකට පසු යළි ලක්බිමට ආවේය. දේවිකා තම නීත්‍යනුකූල දේවිය කර ගැනීමේ ලොකු අභිලාෂයක් ආශාවක් ඔහුට තිබුණේය. දේවිකා ඒ වන විට සිටියේද බ්‍රයන් නීත්‍යනුකූල සැමියා කර ගැනීමේ අපේක්ෂාවෙන්ය.
දේවිකාගේ මවුපියන්ගෙන් ආශීර්වාදය මැද්දේ ඇය බ්‍රයන්ගේ නීත්‍යනුකූල බිරිඳ වූවාය. ලංකාවේ ටික කලක් විසූ බ්‍රයන් දේවිකා එංගලන්තයේ පදිංචියට ගියෝය. රටවල් කිහිපයකට දේවිකා කැටුව ගිය බ්‍රයන් ඇය හැකි තරම් සතුටු කළේය. “දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යනුවෙන් සිත ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ විවරණය කර ඇත.
උන්වහන්සේ වදාරණ පරිදි සිතට ශරීරයක් නැත. ඒ සිතින් සිතපු දේවිකා එංගලන්තයේ සිටියා දැන් ඇති යැයි සිතුවාය. අපි ආයෙත් කුරුණෑගලට යමු. ඇය ඔහුට වද කළා. එංගලන්තය අතහැර ආයෙත් ලංකාවට එන්නට බ්‍රයන් අකමැති විය. එහෙත් ඔහුට බේරෙන්න බැරි විය.
අවසානයේ බ්‍රයන් කුරුණෑගල පදිංචි විය. ලංකාවේ පුරවැසි භාවයද ලබා ගත්තේය. ඔහු දේවිකාගේ නමින් මිලියන හයක් පමණ වටිනා දේපළ ලංකාවෙන් මිලට ගත්තේය.
කාලය විටෙක හරිම සැහැසිය. දේවිකා කමෛන් කමෛන් වෙනස්වන්න පටන් ගත්තාය. ශීතල නුවරඑළියේ ඉපිද එංගලන්තයේ ‍පෝෂිත ආදරය කුරුණෑගලදී පණ අදින්න පටන් ගත්තේය.
දේවිකා බ්‍රයන් බලා සිටියදීම වෙනත් පුද්ගලයෙකු සමග හැසිරෙන්න පටන් ගත්තේය. බ්‍රයන් හරිම සංවේදී අහිංසක මනුස්සයෙකි. පිරිමිකම අමතක කර බ්‍රයන් පුංචි දරුවෙක් මෙන් හැඬුවේය. තමාට පිටු නොපාන ලෙසත් අනියම් සැමියා අමතක කරන ලෙසත් බ්‍රයන් ආයාචනය කළේය. එහෙත් දේවිකා බ්‍රයන් ශත පහක් තරම්වත් ගණන් ගත්තේ නැත.
එංගලන්තයට යන්නට බ්‍රයන්ට දැන් සල්ලිත් නැත. දේවිකා මිලියන පතිනියක කළෙත් මේ බ්‍රයන්ය. බ්‍රයන් මට හමුවූයේ කුරුණෑගල ‍පොලිසියේදීය. ඔහු එදා වගේම අදත් දේවිකාට ආදරේය. බ්‍රයන් ‍පොලීසියට ආවේ දේවිකාට විරුද්ධව පැමිණිලි කරන්න නොවේ. ඇගෙන් දික්කසාද වෙන්නට නඩුවක් ගොනු කරගන්නට අවශ්‍ය කටයුතු කරගන්නටය.
‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය ඊළඟට හමුවූයේ තරුණ අඹු සැමි යුවලකි. මොකක්ද ඔය දෙන්නගෙ ප්‍රශ්නය “මං ස්කෝලෙ යන කාල මගෙ අම්මා මං ගැන ‍පොලීසියට කළ පැමිණිල්ලට උසාවියෙන් ඊයේ සිතාසියක් ආවා ලබන බ්‍රහස්පතින්දා උසාවියේ පෙනී ඉන්න කියලා. මං දැන් කසාද බැඳලා දුවෙකුත් ඉන්නවා. එයාගේ වයස අවුරුදු පහයි.
“‍පොලීසියට පැමිණිල්ල කරපු කෙනානෙ මේ ගැන ‍පොලීසියට කියන්න ඕනෑ. කෝ තමුන්ගේ අම්මා.”
“අම්මා ඉන්නේ ඩුබායිවල මිස්.
“මේ ඉන්නේ තමුන්ගේ ස්වාමිපුරුෂයාද?”
“ඔව් මිස්.
තමුන්ගේ අම්මා….. තමුන් ගැන මොකක්ද ‍පොලීසියට කළ පැමිණිල්ල පිළිතුරු නැත.
බිම බැලුවේ ඇය පමණක් නොවේ. ඔහුද බිම බලාගත්තේය.
“බිම බලා ගැනිල්ලද ප්‍රශ්නෙට උත්තරේ. මගෙ තාත්තාගෙන් මිස් මට කරදර තිබුණා. ඒ හැම වෙලාවකම මාව බේරාගන්න අම්මා මැද්දට පනිනවා.
එතකොට තාත්තා අම්මාට ගහනවා.
“කොච්චර විතර කාලයක් ඒ මනුස්සයා තමුන්ට ඒ විදියට කරදර කළාද?
“අවුරුදු දෙක තුනක් විතර.”
එච්චර කාලයක් ඒ විදියට කරදර කළාම බබෙක් හිටියෙ නැද්ද?
“මට ඒ කරදරය කළේ මිස්….. බොහොම පරෙස්සමින්. මගේ පිරිසිදු කමත් ඒ විදියටම තිබුණා.
මට කරදර කරන්න ආව දවසක අම්මා විරුද්ධ වුණාම තාත්තා අම්මාට හරියට ගැහුවා. වධ දුන්නා.
බැරිම තැන තමයි එදා අම්මා ඇවිත් ‍පොලීසියට පැමිණිලි කළේ.
“මටත් හරි පුදුමයි උසාවියෙන් මේ සිතාසිය ලැබෙන්න අවුරුදු ගණනක් ගියේ ඇයි කියලා. තමුන්ගේ තාත්තාගෙන් තමන්ට සිද්ධ වුණ කරදර ගැන තමුන්ගේ ස්වාමිපුරුෂයා දැනගත්තේ ඊයේ මේ සිතාසිය ලැබුණට පස්සෙද?
“ඔව් මිස්”
ඊට ඉස්සර වෙලා ඒ ගැන තමුන් තමුන්ගේ ස්වාමිපුරුෂයාට කිසිම දෙයක් කියලා තිබ්බෙ නැද්ද?
“නැහැ මිස් (බිම බලයි)
“සිතාසිය ලැබෙන කොට තමුන්ගේ ස්වාමි පුරුෂයා හිටියෙ ගෙදරද?”
“නෑ මිස් එයා වැඩට ගිහිල්ලා. ඒ සිතාසිය කියෙව්වම මගෙ ඇඟ ගැහෙන්න පටන් ගත්තා.
(සැමියා දෙස බලමින්) මං මෙයාගෙන් අවුරුදු ගණනක් වසන් කරගෙන හිටිය මේ හිරිකිත පව්කාර වැඩේ මං කොහොමද මෙයාගෙ මූණ බලාගෙන කියන්නෙ කියලා. ඒ වගේම මෙයාට මේක හංගන්නත් බෑ.
උසාවි ප්‍රශ්නයක්නෙ”
“තමුන්ගේ තාත්තා තමුන්ට කළ ඒ තිරිසන් වැඩේ ගැන තමුන්ගේ ස්වාමි පුරුෂයාට නොකියා හිටිය එකද හරි. කිව්ව නම් ද හොඳ?
මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හරිම අමාරුයි.
ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ප්‍රශ්න දෙකට ලැබෙන්න ඕනෑ ප්‍රතිචාර උත්තර තත්වානුකූලව බුද්ධි මට්ටම අනුව වෙනස් වෙන්න ඕනෑ.
ඇය මහ හයියෙන් අඬන්න පටන් ගත්තාය.)
සැමියා දෙස බලමින් මෙයා මිනිහෙක් ‍නෙවෙයි මිස්. දෙයියෙක්,
තමුන්ගේ ස්වාමිපුරුෂයා හොඳ කෙනෙක්. මේ ප්‍රශ්නයට බොහොම ඉවසිලිමත්ව බුද්ධිමත්ව මූණදීලා තියෙනවා. වෙන මිනිහෙක් නම්, සිතාසිය දැක්ක ගමන් තමුන් මරනවා.”
සැමියා
මෙයා මට ඒ සිතාසිය ගැන කීවේ බයේ වෙව්ල වෙව්ල මට පව් කියලා හිතුණා. මං කීවා ඔයා අඬන්න එපා. ඇයි? මට මේ ගැන කියලා තිබ්බෙ නැත්තෙ
මීට පස්සෙ කිසිම දෙයක්. මගෙන් වසන් කරන්න එපා කියලා. ඒ තාත්තා කියන තිරිසනා කළ වැඩේට මරනවා එයා මරන්න ඕන. මේ අහිංසක කෙල්ල මොනවා කරන්නද? මිස්.”
“තමුන් හරියටම හරි අපි එහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. (බිරිඳට) “තමුන් මේ සිතාසිය ගැන තමුන්ගේ ස්වාමිපුරුෂයාට වැඩ ඇරිලා ආව ගමන්ම කීවද?
“නැහැ මිස්” නිදාගන්න ගිහිල්ලා ඇඳේදි කීවේ.”
මේ වගේ ප්‍රශ්න කතා කරන්න සුදුසුම තැන එතැන කියමින් ‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය සිනාසුනාය.
ලක්බිම

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos