-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තසිය කුසින් බිහිකළ දින හයක් වයසැති පිරිමි දරුවා කිඹුලන්ට දැමීම සඳහා ගිරිබාව නිකවැවට විසිකර බිලි¼දා මරා දැමීමට උත්සාහ කිරීමේ චෝදනා ලැබ සිටි දරුවාගේ මවට බරපතළ වැඩ සහිත අවුරුදු තුනක සිරදඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් කුරුණෑගල මහාධිකරණ විනිසුරු එස්. කුමාර රත්නායක මහතා නියම කෙළේය.
මෙසේ දඬුවම් නියම වූයේ ගිරිබාව, වරාවැව ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. කල්‍යාණි නමැති අයටය.

2007 වසරේ මාර්තු මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මව විසින් දින හයක් වයසැති සිය දරුවා කිඹුලන් වෙසෙන වැවකට විසි කොට දරුවාව කිඹුලන්ට කා මරා දැමීමට සැලැස්වීමට තැත් කෙළේ යැයි චෝදනා කරමින් විත්තිකාරියට එරෙහිව ගිරිබාව පොලිසිය මඟින් මහාධිකරණයේ මේ නඩුව පවරා තිබිණි.
වැවට විසිකළැයි කියැවෙන බිලි¼දා වැව් දියට නොවැටී පන් ගාලක වැටී සිටියදී දුටු තැනැත්තකු පොලිසියට දැනුම් දීමෙන් පසු ගිරිබාව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් දරුවා බේරා ගත් බව ගිරිබාව පොලිසිය කීය. මෙකී තැනැත්තියගේ විවාහක සැමියා විදේශයක රැකියාවකට යෑමෙන් පසු වෙනත් තැනැත්තකු සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධයකින් ලැබුණු දරුවා මෙසේ වැවට විසි කොට ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

පන් ගාලේ රැඳී සිටියදී දිවි බේරා ගත් දරුවා අනුරාධපුර අශෝක ළමා නිවාසයට භාර කිරීමෙන් පසු දැනට එහි වෙසෙන බැවින් ඒ දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියම කෙළේය. වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසරක සිරදඬුවමක්ද නියම කළ දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ සියලු සිරදඬුවම් ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කෙළේය.
පුරා වසර හතකට ආසන්න කාලයක් මේ නඩුව විභාග කෙරිණි.
රජයේ නීතිඥ එස්.සී.සී. ප්‍රනාන්දු මෙනෙවිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් ජයවීර මහතාගේ උපදෙස් මත කොස්තාපල් ප්‍රියන්ත රණසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos