-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශීය රටවල සිට එල්ටීටීඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන සැකකරුවන් 46 දෙනකු ඇතුළු වෙනත් අපරාධවලට සම්බන්ධ වී රටින් පැනගොස් සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් 96 දෙනකු අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කොට තිබේ. එම රතු නිවේදන යවා ඇත්තේ රහස් පොලිසියේ අන්තර්ජාතික ශාඛාවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා එසේ සඳහන් කෙළේ ඊයේ සවස පොලිස් මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

එම රතු නිවේදනය ප්‍රංසයේ ලියොන්හි පිහිටි අන්තර්ජාතික පොලිසිය මාර්ගයෙන් රටවල් 190කට යවා තිබේ.
පසුගිය දිනවල එල්ටීටීඊ ක්‍රියාකාරීන් තිදෙනකු මියයෑමේ සිද්ධියෙන් පසු ඇතැම් සංවිධාන ත්‍රස්තවාදය යළි හිස එසවීමක් නොමැති බව වෙබ් අඩවි ඔස්සේ පළ කරන මත තරයේ

ප්‍රතික්ෂේප කරන බව පැවැසූ මාධ්‍ය ප්‍රකාශකවරයා 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මේ වන විට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය සැකකරුවන් 106 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද එහිදී අනාවරණය විය.
පසුගිය මාර්තු 5 දින අලුයම් කාලයේ යාපනය පලෙයි ප්‍රදේශයේදී 'ද්‍රවිඩ ජාතියට අසාධාරණයක් වෙනවා. යළි සංවිධානය වෙමු' යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද පෝස්ටර් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පෙළ ගැසී තිබූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගණනාවක් මත අවි ආයුධ, පතරොම්, මෝටාර් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද මෙහිදී හෙළිදරව් කරන ලදී.

එල්ටීටීඊ ක්‍රියාකාරීන් විශ්වමඩු ප්‍රදේශයේ නිවෙසක් මිලදී ගෙන මඩකළපුව ප්‍රදේශයේ හිටපු එල්ටීටීඊ යුවළක් එහි තාවකාලිකව පදිංචි කර ඉදිරි සැලසුම් සකස් කර ඇති අන්දමද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තර කෙළේය.

වැලිඔය ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ උපකරණ පහක් සොරාගෙන තිබූ අතර ඒවායින් තුනක් මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශය විසින් සොයාගෙන තිබේ.
2012 වසරේ සිට ඉන්දියාවේදී අවි පුහුණුව ලබාගත් එල්ටීටීඊ ක්‍රියාකාරීන් හයදෙනකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙරටට ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා ගෙන යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos