-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොට්ටාව ප්‍රදේශයේ මවක සිය රූමත් 14 හැවිරිදි දියණිය සුඛෝපභෝගී වාහනවලින් පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අධික මිලකට මිලකර තරුපහේ හෝටල්වලට ගෙනයෑමට ඉඩදීමේ සිද්ධියක් පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් ඒකකය පරීක්‍ෂණ පවත්වයි.
එම පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පද්මලාල් සඳුන්ගහවත්ත මහතා සඳහන් කළේ එකී මව ඇගේ දියණිය පමණක් නොව ඇයද එසේ මුදලට විකිණෙමින් දිනකට රුපියල් හැට දහසේ සිට රුපියල් අනූදහස දක්වා වූ මුදලක් උපයන බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බවයි.
සිද්ධියට මැදි වූ දැරියට මව විසින් මුදල් නොදීම නිසා ඇය මව සමඟ අමනාප වී ඇගේ මිත්තණියගේ නිවෙසට පැමිණ ඇති අතර ඉන්පසු එම දැරිය ගැන ලැබුණු තොරතුරු මත ඇය පොලිසිය භාරයට ගෙන අධිකරණයේ අවසරය මත ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවද සඳුන්ගහවත්ත මහතා පැවැසීය.
සිය දියණිය කාමාතුරයන්ට විකිණීමේ ජාවාරමේ යෙදුණු 35 හැවිරිදි මව සිද්ධිය හෙළිවීමත් සමඟ නිවෙසින් අතුරුදන් වී පිටපළාතකට පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
පොලිසිය භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකටද ඉදිරිපත් කොට තිබේ.
දැරිය විකුණා ලබන ආදායම මවගේ ගිණුමකට බැරවන බවද අනාවරණය වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos