-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මවක්, වයස අවුරුදු 15 ක තම දියණිය කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයකට රැගෙන ගොස් ජාතික ඇඳුමකින් සැරසුණු ප්‍රභුවරයෙකුට අලෙවි කර ඇති බවද පරීක්‍ෂණවලින් අනාවරණය වීමෙන් පසු, එම ප්‍රභූවරයා  කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට මේවනවිට පරීක්ෂණ පැවැත්වේ.
දැරිවියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවෙතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරීයේ විශ්වාසයයි.
එසේ, ගණිකා වෘත්තියේ යොදවන ලද මවක් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය එම මවගෙන් දැරිවිය මිලදී ගෙන ගණිකා වෘත්තියේ යොදවන ලද අඹුසැමි යුවලක් 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
මාළඹේ පිහිටි නිවසක් රුපියල් 30000 ක මාසික කුළියකට මෙයට මාස පහකටපමණ පෙර මිලදී ගෙන ඇති එම යුවල එම නිවස ගණිකා නිවසක් ලෙස පවත්වා ගෙන යමින් දැරිවිය එම නිවසේදි විවිධ පුද්ගලයන්ට අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබේ.
විසිතුරු මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස පිටතින් පෙනෙන්නට ඇති එම නිවසේ අඹුසැමි යුවල ජීවත් වන්නේ කුඩා දරුවන්ද සමග බව අනාවරණය වී ඇත.
කිසිවෙකුගේ සැකයකට භාජනය නොවන්නට නිවසේ කාමර යොදා ගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඒ ගැන කරුණු හෙළිදරව් වී ඇත්තේ දැරිවිය විසින් ජතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලබාදුන් තොරතුරු ඔස්සේය.
දැරිවිය ඇහැටකනට පෙනෙන හුරුබුහුටි තැනැත්තියකි. පියා කවුරුන්දැයි කියන්නට ඇය දන්නේ නැති බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.
මව ඇයව 2012 වසරේ සිට ගණිකා වෘත්තියේ යොදවා ඇති බවද අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් පාසල් ගමන පවා නතරවී ඇති බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ තොරතුරු අනාවරණය කළේය.
ඉකුත් සතියේ දිනක එම දැරිවිය කළුතර සිටින සිය මිත්තනියගේ නිවසට ගිය අවස්ථාවේ මව විසින් ඇයව පිරිමින්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු මිත්තනියට හෙළිකර තිබේ. මිත්තනිය ඒ බව තවත් අයෙකු මගින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දැනුම් දී ඇති අතර දැරිවියව සිය භාරයට ගෙන පරීක්‍ෂණ ආරම්භ කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.
දැරිවියගේ මව මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos